saravita-anim2

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 33 hours ago

LATEST

ඉරාන නැවේ සිටි 32ක් බේරා ගනියි

calendar_today 2026 මාර් 04 - 18:20 remove_red_eye - 138  

ලංකා මුහුදු තීරයට ඔබ්බෙන් ගමන් කරමින් තිබියදී අනතුරට පත්වූ ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවේ සිටි පුද්ගලයන් 32ක් බේරාගැනීමට හැකිවූ බව නාවික හමදාව පවසයි.

කටුනායක ගුවන් තොටුපොළේ සිට ඩුබායි වෙත 03/04 දින ගුවන් ගමන් 04 ක් ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Read More

ලෝක රන්මිල පහළ යාම මත මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 13,000කින් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොළ තෙරතුරු පවසයි.

Read More

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් අනතුරට පත්ව ඇති බවට අද (04) අලුයම 5.00 ට පමණ නාවික හමුදාවට ලැබුණු තොරතුරක් මත, පැයක් ඇතුළත ඒ සඳහා කඩිනමින් ක්‍රියාත්මක වූ බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පවසයි.

Read More

ඒ අනුව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ මිල දර්ශකය 7% ක අඩු මට්ටමින් විවෘත වූ අතර මේ වන විට එය පැය දෙකක් වැනි කාලය තුල 6% ක් දක්වා පහත වැටී ඇති බව වාර්තා විය.

Read More

මැදපෙරදිග කලාපයේ ඇති විශාලතම ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid ගුවන් හමුදා කඳවුරට ඉරානය විසින් එල්ල කරන ලද බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් පතිත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේදී වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මැදපෙරදිග යුධ ගැටුම් ආරම්භ වීමෙන් පසු එම කළාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්හ කරමින් පළමු ගුවන් යානය 03/03 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

’’ඔවුන්ගේ ගුවන් ආරක්ෂාව, ගුවන් හමුදාව, නාවික හමුදාව සහ නායකත්වය නැති වී ගොස් ඇත,’’ යැයි ඉරානයට එරෙහි යුද්ධය පිළිබඳව සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පවසයි. ’’ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා. මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා.’’ යැයි ට්‍රම්ප් පවසයි.

Read More

සෙනසුරාදා දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පුද්ගලයින් 787 ක් පමණ මිය ගොස් ඇති බව ඉරානයේ රතු කුරුස සංගමය පවසයි.

Read More

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල පැවති තදබදය මේ වන විට සමනය වී ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පවසයි.

Read More

මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් උද්ගත වන කරුණු සම්බන්ධීකරණය කිරීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපිත කර ඇත.

Read More

මැදපෙරදිග රටවල්වලට පසුගිය පෙබරවාරි මස 28 දින සිට ගුවන්ගමන් අවලංගු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නොහැකි වූ මගීන් සඳහා නොමිලේ වීසා දීර්ඝ කර ගැනීමට දින 14ක කාලසීමාවක් ලබා දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව ලබන අප්‍රේල් මස 30 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබෙනවා.

Read More

මොනරාගල පොලිස් වසමට අයත් මුප්ප්නවැලිවත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු (03) වෙනිදා රබර් කිරි කැපීමට යාමට බසයක් එනතුරු බස් හෝල්ට් එකේ සිටියදී හදිසියේ මිය ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ රාමසාමි රාමනාදන් (72) නැමති අයෙකි.

Read More

ඕනෑම යුද ගැටුමක් කිසිදු ජන කණ්ඩායමකට හිතකර තත්ත්වයක් නිර්මාණය නොකරන බවයි අද (03) පාර්ලිමේන්තුවේදී මැදපෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ රජයේ ස්ථාවරය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.

Read More

අද (03) අළුයම කාලයේ සිට උදෑසන 7.30 දක්වා වන කාල සීමාවතුළ නුවරඑළිය නගර සීමාවේ තුරග තරඟ පිටිය ඇතුළු ස්ථාන රැසක සහ නුවරඑළිය අබේවල පට්ටිපොළ මීපිළිමාන යන ප්‍රදේශවල මල් තුහින පතිත වීමක් දක්නට ලැබුණු අතර එම ප්‍රදේශයන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5 - 6 අතර ප්‍රමාණයක දක්නට ලැබිණ.

Read More

මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් විසින් වගා කරන ලද සහ අස්වැන්න නෙළීමට සූදානම්ව තිබූ අක්කර තුනක කුඹුරු යායට මධ්‍යම රාත්‍රියේ ඇතුළු වූ වන අලි විසින් සම්පූර්ණයෙන්ම විනාශ කරන ලද බව මඩකලපුව බන්ධනාගාරයේ විවෘත බන්ධනාගාර භාර නිලධාරී දිලිප් ෆ්‍රැන්සිස් පැවසීය.

Read More

ටෙහෙරානයට හා බේරූට් වෙත ඊශ්‍රා යෙලය පහරදෙය ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඉරාන අගනුවර වන ටෙහෙරානයට මෙන්ම ලෙබනන් අගනුවර වන බේරූට් වෙත ද ප්‍රහාර දියත් කළ බව තහවුරු කර තිබේ.

Read More

ගම්පොල පොලිස් වසමේ ඉල්ලවතුර ප්‍රදේශයේ අඹගහ තොටුපල ආසන්නයේ මහවැලි ගඟේ ඊයේ සවස දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවට ගම්පොල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

Read More

මහ කන්නයේ අස්වනු නෙලිමේ කටයුතු සදහා ඉන්ධන ලබා ගැනිමේ දි ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලදි ගොවින්ට ගැටළුවලට මුහුණපැමට සිදුවන බවට තොරතුරු ලැබි ඇති බවත් එවැනි අවස්ථාවලදි එම ගොවින්ට ගොවින්ගේ ඉල්ලිම මත ඉන්ධන ලබාගැනිම සදහා ලිපි නිකුත්කිරිමට කටයුතු කරණ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

රියාද් හි එක්සත් ජනපද තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල වි ඇති බව සෞදි අරාබි ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

Read More

ඇමෙරිකානු හා ඊශ්‍රා යෙල ඒකාබද්ධ ප්‍රහාරවලින් මියගිය ඉරාන උත්තරීතර නායක අලි කමේනිගේ බිරිඳ වන මන්සුරේ කොජාස්ටේ බගර්සාඩේ ද ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉරාන රාජ්‍ය රූපවාහිනී නාලිකාව තහවුරු කර තිබේ.

Read More

මැදපෙරදිග යූධ ගැටුම් නිසා , එම කළාපයේ රටවල ගුවන් අවකාශයන් වසා දමා ඇති නිසා 03/02 දින අලුයම 12.00 පැයේ සිට එදින රාත්‍රී 12.00 දක්වා කාළය තුළ මැදපෙරදිග කළාපයේ රටවල් වල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් යානා 33 ක ගුවන් ගමන් වාර අවලංගු වී ඇති අතර , මෙම කාළය තුළ කටුනායක ගුවන් තොටුපොළෙන් මැදපෙරදිග කළාපයේ රටවල් වෙත පිටත්වීමට නියමිතව තිබූ ගුවන් ගමන් වාර 32 ක් අවලංගු වී ඇති බව කටුනායක ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය.

Read More

රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 03/02 දින උදෑසන ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉරානය විසින් තම පිරිපහදුවේ ඇතැම් පහසුකම්වලට ඒල්ල කළ ප්‍රහාර හේතුවෙන් කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන කටාර් එනර්ජි සමාගම ද්‍රව ස්වාභාවික ගෑස් (LNG) නිෂ්පාදනය නවතා තිබේ.

Read More

මැදපෙරදිග උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් බහරේනය, ඩුබායි හා දෝහාහි පිපරීම් වාර්තා ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එසේම කුවේටයේ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ආසන්නයේදී පිපිරීම් වාර්තා වී තිබේ.

Read More

ඇමෙරිකාවේ රැදී සිටීමට වීසා තිබුණද ඔවුන්ට ග්‍රීන් කාඩ් ( Green Card ) නොමැති නිසා එරට රැදී ශ්‍රී ලාංකිකයන් 06 දෙනෙකු එරටින් පිටුවහල් කර 02/28 දින අලුයම ඇමෙරිකානු විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණි .

Read More

ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන සදහා ඉහළ ඉල්ලුමක් පවතින බව ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව විසින් කරණු ලැබු අධ්‍යයනයකදි හෙලි වි ඇත

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.