saravita-anim2​

2026 නොවැම්බර් මස 01 වන ඉරිදා

2026 නොවැම්බර් මස 01 වන ඉරිදා

Sports - timelapse 8 hours ago

LATEST

විශේන් හැලඹගේ පන්දු 17කදී ලකුණු 80ක් රැස්කරයි

calendar_today 2026 ඔක් 30 - 16:21 remove_red_eye - 456  

ආරම්භක පිතිකු විශේන් හැළඹගේ දැවැන්ත හයේ පහර 11ක් හා හතරේ පහර තුනක් සමගින් පන්දු 17කදී නොදැවී ලකුණු 80ක් රැස් කළේය.

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ ශ්‍රී ලංකා කණඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු පහක් දැවී ලකුණු 386ක් රැස් කළේය.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 110 සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

2026 ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය හිමිකර ගැනීමට එංගලන්ත නායක හැරි කේන් සමත්විය. ලන්ඩනයේ පැවැති උත්සවයකදී හැරී කේන් මෙම සම්මානය දිනාගත්තේ වසර 25කට පසුව එම සම්මානය හිමිකරගත් පළමු ඉංග්‍රීසි ක්‍රීඩකයාට බවට පත්වෙමිනි.

Read More

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති තරගයෙන් වාර්තාගත ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී තම අප්‍රතිහත ධෛර්යය, අධිෂ්ඨානය හා නොපසුබස්නා උත්සාහය තුළින් ලෝක අවධානය දිනාගත් ප්‍රකට ශ්‍රී ලාංකික මලල ක්‍රීඩක රණතුංග කරුණානන්ද මහතාගේ සේවය හා ආදර්ශමත් චරිතය අගය කරමින්, නව සමරු තැපැල් මුද්දරයක් නිකුත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහුරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 49.5කදි සියලු දෙනා දැවි ලකුණු 305ක් රැස් කිරීමට සමත්විය.

Read More

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට එක්වන ’මුම්බායි ඉන්ඩියන්ස්’ (Mumbai Indians) කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් මහේල ජයවර්ධන ඉවත් වී ඇති බව එම කණ්ඩායම සෙනසුරාදා නිවේදනය කළේය.

Read More

ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට අහිමි වී තිබේ. මෑතකදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී පැතුම් නිශ්ශංකගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ආබාධයකට ලක්විය.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්විමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාසංචිතය නම් කර තිබෙ. මෙම තරගාවලිය කුසල් මෙන්ඩිස් ටෙස්ට් නායකයා ලෙස සිය වගකිම භාර ගන්නා පළමු තරගාවලිය වෙයි.

Read More

ශ්‍රී ලංකා ජාතික ටෙස්ට් කණ්ඩයමේ නායකත්වය එක්දින නායක කුසල් මෙන්ඩිස් පත්කර තිබේ. ඒ අනුව ධනංජය ද සිල්වාට ටෙස්ට් නායකත්වය අහිමි වී තිබේ.

Read More

2026 වසරේ ලොව විශිෂ්ටම මලල ක්‍රීඩකයා සම්මානය සඳහා ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පතිරගේ නිර්දේශ වී තිබේ. මෙම සම්මානය සඳහා ක්‍රීඩකයන් 10ක් හා ක්‍රීඩිකාවන් 10ක් නිර්දේශ වී තිබේ.මෙහි සම්මාන ප්‍රදානොත්සවය නොවැම්බර් 29 වනදා මොනාකෝ හිදී පැවැත්වීමට නියමිතය.

Read More

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් එංගලන්තය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

හෙල්ල විසි කිරීමේ ලෝක ශූර රුමේෂ් තරංග , ජපානයේ නගෝයා නුවර පැවති ආසියානූ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී , එම ඉසව්වේ රන් පදක්කම දිනා ගෙන 09/30 දින මධ්‍යම රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

ශ්‍රී ලංකා නවක ක්‍රිකට් ක්‍රීඩක සෝනල් දිනුෂ 2026 අගෝස්තු මාසය සඳහා වන ICC පිරිමි අංශයේ ’මාසයේ හොඳම ක්‍රීඩකයා’ (Player of the Month) ලෙස නම් කර තිබේ.

Read More

ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට තුර්කි ගුවන් සේවය ඒක ඟ වී තිබේ.

Read More

තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත එන්නේ සතුටින් වුවත් , අද කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතා කනගාටුවෙන් බව හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවති අල්ටිමේට් හෙල්ල විසි කිරීමේ ශූරතා තරගාවලිය ජයග්‍රහණය කර කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග 09/15 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී පැවසීය .

Read More

ඩුබායිහි පවැති කාන්තා ආසියා කුසලාන විස්සයි20 තරගාවලියේ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම ශූරතාව දිනා ගැනිමට සමත්විය.

Read More

හංගේරියාවේ බුඩාපේස්ට් නුවර පැවැති වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත්විය. හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ප්‍රභලයින් රැසක් එක්වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 91.09 ක දුරක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගත්තේය.

Read More

විස්සයි20 තරග තුනක්, එක්දින තරග පහකින් සමන්විත තුන්කොන් තරගාවවලියක් ටෙස්ට් තරග දෙකක එක්වීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන මසපාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියේ එක්දින තරගාවලිය තුන්කොන් තරගාවලියක් ලෙස පැවැත්වෙන අතරශ්‍රී ලංකාව, පාකිස්තානය හා එංගලන්තය අතර මෙම තරගාවලිය පැවැත්වෙයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය වෙනුවෙන් ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 සංචිතය නම් කර තිබේ. ආබාධයකට ලක්ව සිටි වනිදු හසරංග නැවත කණ්ඩායමට පැමිණ තිබේ. සචිඳු කොළඹගේ, තරිඳු රත්නායක යන නවක ක්‍රීඩකයන් කණ්ඩායමට ඳකැවා තිබේ. ඒසේම මෙම සංචිත දෙකේම දසුන් ශානකට අවස්තාව ලැබී තිබේ.

Read More

ස්විට්සර්ලන්තයේ පැවති ලෝසාන් ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ රුමේෂ් තරංග , මීටර් 88.14ක දක්ෂතාවක් වාර්තා කරමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ජයග්‍රහණය හිමිකර ගත්තේය.

Read More

වසර 21 කට පසුව ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වූ බවත් , එනිසාම මෙතෙක් ලෝක කුසලාන තරගාවලියකට සහභාගී නොවූ හොංකොං කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා වූ බවත් ශ්‍රී ලංකා නෙට්බෝල් ෆෙඩරේෂනයේ ලේකම් , ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ හිටපු නායිකා දමයන්ති ජයතිලක මහත්මිය කටුනායක ගුවන් තොටුපොළේ 08/16 දින පැවසුවාය.

Read More

නුවරඑලිය බ්ලැක්ෆූල් සහ මාගස්තොට අතර (16) දින පැවති සීසී 400 යතුරුපැදි තරගාවලියකදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට පත් වී බරපතල ලෙස තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.

Read More

විශිෂ්ට ක්‍රීඩා දිවියකට හිමිකම් කියන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පවසන්නේ, ක්‍රීඩකයෙකු ලෙස මෙය ඔහුගේ අවසාන තරග වාරය වීමට ඉඩ ඇති බවයි.

Read More

සිය ක්‍රීඩා දිවිය ඉදිරියට ගෙන යාම පිළිබඳව සැකයක් මතු වී ඇති බව ලියොනල් මෙසී ඊයේ ප්‍රකාශ කළේය.පසුගිය සතියේ සිදුවූ සිය පියාගේ අභාවයෙන් පසු සමාජ මාධ්‍ය සටහනක් තබමින් ඔහු මේ බව පවසයි.

Read More

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක ඉන්දිය කණ්ඩායම සමගින් පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් තරගය ස ඳ හා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. මෙම සංචිතයේදී කඩුලු රකින ක්‍රීඩකයෙක් ලෙස නිරෝෂන් දික්වැල්ලට යළි කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. නවක ක්‍රීඩකයන් ලෙස ප සි දු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ හා කේෂර නුවන්ත කණ්ඩායමට ඒක්කර තිබේ.

Read More

සුපිරි පාපන්දු ක්‍රීඩකයෙක වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාලයේ පැවති උත්සවයකදී ඔහුගේ දිගුකාලීන සහකාරිය වන ජෝර්ජිනා රොඩ්‍රිගස් සමඟ විවාහ වී තිබේ.

Read More

ස්කොට්ලන්තයේ, ග්ලාස්ගෝ නුවර පැවති 26 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හෙල්ල විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ රුමේෂ් තරංග රන් පදක්කම දිනා ගෙන සහ එම තරගාවලියේ පැරා අංශයේ කවපෙත්ත විසි කිරීමේ ඉසව්වට සහභාගී වූ පාලිත බණ්ඩාර රිදී පදක්කම දිනා ගෙන 08/04 දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

පුළුල් විරෝධයක් මතුවීමත් සමඟ, තම පාලක මණ්ඩලයේ ප්‍රධාන තරඟාවලිවල කොටස් විකිණීම සඳහා වූ මතභේදාත්මක සැලැස්ම අත්හැර දැමූ බව ෆීෆා (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright © 2018 Wijeya Newspapers Ltd.