පාකිස්තානයේ සත්කාරකත්වයෙන් එංගලන්තය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
16 දෙනෙකුගෙන් යුත් සංචිතයේ කුසල් මෙන්ඩිස් නායකත්වයට පත්කර තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය අවසන් වීමෙන් පසුව එක්දින තරගාවලිය පැවැත්වෙයි.
පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, කමිල් මිෂාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ,දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහේෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුශංක, ඒෂාන් මාලිංග, යන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් වෙයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ නිශ්ශංක කණ්ඩායම සමඟ සංචාරය කරන්නේ ඔහු වෛද්‍ය වාර්තා අනුව යෝග්‍ය වන්නේ නම් පමණක් බවයි.