ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින තරගාවලිය ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට අහිමි වී තිබේ. මෑතකදී නිමාවට පත් වූ ශ්රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරය අතරතුරදී පැතුම් නිශ්ශංකගේ වම් පාදයේ කලවා ප්රදේශයේ ආබාධයකට ලක්විය.
කෙසේ වෙතත් තරගකාරී ක්රිකට් ක්රීඩාවට නැවත පිවිසීම සඳහා අවශ්ය වෛද්ය අනුමැතිය ඔහුට තවමත් ලැබී නොමැති වීම හේතුවෙන් ඔහුට එක්දින තරගාවලිය අහිමි වී තිබේ. නිශ්ශංක වෙනුවට ලහිරු උදාර කණ්ඩායමට නම් කර තිබේ.
