Breaking News

එදා රට බේරා ගන්න ගිය විරුවට අද ඔබේ සවිය අවශ්‍යයි

නොහික්මුණු රියදුරෙක් නිසාවෙන් සදහටම එක අතක් අහිමිවූ දෙදරුපියෙකු කෘතිම අතක් ලබා ගැනීම සඳහා විඳින අනේක දුක් පිළිබඳ පුවතක් උතුම් පුන් පොහෝ දිනයේ මාතලේ රතලවැව ප්‍රදේශයේදී වා ර් තා විය.

Uncategorized

ගංවතුරට කොටුවූ මුලතිව් ගමක් යුද හමුදාවෙන් බේරාගනියි

මුලතිව් දිස්ත්‍රීක්කයට මේ දිනවල ඇදැහැලෙන ධාරාණිපාත වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර තත්වයක් ඇතිව කොටුවූ මුලතිව් ඔඩ්ඩුසුඩාන් බණ්ඩාරවන්නි ප්‍රදේශයේ ජනතාව යුදහමුදාව හා ප්‍රදේශවාසීන් ඒක්ව දැඩි පරිශ්‍රමයක් යොදා බේරාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබීය.

Breaking News

රුපියල් කෝටියක් වටිනා නිවසක් සහ ඉඩමක් ශිෂ්‍ය නේවාසිකාගාරයකට පරිත්‍යාග කරයි

මාතලේ දිස්ත්‍රික්කේ සරණක් නොමැති පාසල් ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍ය නේවාසිකාගාරයක් ඇතිකිරීම සඳහා මාතලේ වාරියපොල උගුරැස්ස වත්ත ප්‍රදේශයේ පවතින රුපියල් කෝටියක් පමණ වටිනා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40 ක ඉඩමක් මාතලේ ශ්‍රී පුණ්‍යවර්ධන සමිතිය වෙත පරිත්‍යාග කිරීමට ඩබ්ලිව් ජී පද්මලතා මහත්මිය ඇතුළු දූ දරුවන් කටයුතු කළේය.

Breaking News

කෑම සාදා විකුණා ඉපයූ ලක්ෂ 20 කින් හෝමාගම රෝහලට ස්වසන ආධාරකයක්

ප්‍රංශයේ ජීවත්වන චමිලා මාන්නප්පෙරුම මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරු කැළ ආහාර නිෂ්පාදනය කොට ඒවා අලෙවි කිරීමෙන් ලද මුදල් මේ සදහා වැය කර ඇති අතර මීට පෙර රුපියල් ලක්ෂ පනහකට ආසන්න ඖෂධ හා වෛද්‍ය උපකරණ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර තිබේ.

Uncategorized

බදුල්ල පිළිකා ඒකකයේ ඉදිකිරිම් අවසන් කරන්න රු. ලක්ෂ 750ක් වැය කරන දානපතියා

වසර 2 කට ආසන්න කාලයක් ඉදකිරීම් ඇනහිට ඇති බදුල්ල මහ රෝහලේ නව පිළිකා සායන සංකීර්ණ ගොඩනැගිල්ලේ ඉතිරි ඉඳකිරීම් සදහා අවශ්‍ය රුපියල් ලක්ෂ 750 ක මුදල ලබාදීමට කොලඹ නාවල පදිංචි හිලරි විශ්වජිත් පෙරේරා මහතා කටයුතු කර තිබේ .

Uncategorized

සචින් පෙරපාසල් ආහාර වැඩසටහන බලන්න ලංකාවට එයි

සබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

Breaking News

ලාංකික ආයුර්වේද වෛද්‍ය යුවළකට ජපානයෙන් සම්මාන

තම පෞද්ගලික ධනය ආයෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආයුර්වේද ක්ෂේත්‍රය වෙනුවෙන් මයියංගන දඹාන ප්‍රදේශයේ ඉදිකරන ලද වර්ග අඩි විසි දහසක මයියංගන ආයුර්වේද කෞතුකාගාරය සහ අධ්‍යාපන නිකේතනයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ශ්‍රීලංකාවේ ආයුර්වේද වෛද්‍ය දෙපලකට ජපානයේ ෆුකුඕකාහී ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්ව මෛත්‍රී පදනම විසින් පසුගියදා ගෞරව සම්මානයක් පිරිනමා ඇත.

Religion

වව්නියාව හින්දු බෞද්ධ සංගමයෙන් ආගමික සහජීවනට වැඩසටහනක්

අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා ‌බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ‌වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.

Uncategorized

චීනයෙන් ලැබුණ ඩොලර් මිලියන 80ක තෑග්ග ලංකාවට භාර දෙයි

චීන මහජන සමූහාණ්ඩුව විසින් මෙරටට පරිත්‍යාගයක් ලෙස පිරිනැමුණු ශ්‍රී ලංකා ජාතික රෝහලේ අට මහල් නව බාහිර රෝගී සංකීර්ණය අද (25) චීන මහජන සමූහාණ්ඩුව විසින් ශ්‍රී ලංකා රජය වෙත නිල වශයෙන් භාර දුණි.

Breaking News

ලංකාවේ සංචාරයට ආපු කැනඩා සරසවි සිසුවියගේ හිත උණුවෙයි

මෙරට සංචාරයක් සදහා පැමිණි කැනඩාවේ විශ්වවිදයාලයක ශිෂයාවක් වන අයුඩෙට් බෙට්මන් අම්බලන්ගොඩ හා ඒ අවට ජනතාව ආර්ථික පීඩාවෙන් දුක්විදින අයුරු දැක ඔවුනට සහනයක් සැලසීමේ අයුරුන් තෝරාගත් අඩුආදායම්ලාභී පවුල්වලට වියළි ආහාර පාර්සක් බෙදා දුන්නාය.

Breaking News

ගැබිනි මව්වරුන්ට හා කිරි දෙන මව්වරුට මිහින්තලා හිමිගෙන් රු. කෝටියක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැබිණි මාතාවන් 2589ක් නිරාහාරව සිටින බවට උතුරු මැද පළාත් සෞඛ්‍ය අංශ සිදු කළ හෙළිදරව්වක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය කර මිහින්තලය ග්‍රාම සේවා තුලාන 25ක වෙසෙන ගැබිණි මාතාවන්, කිරි දෙන මව්වරුන් විශාල පිරිසකට මාස 3කට සෑහෙන පෝෂදායි ආහාර මල්ලක් සහ පෝෂදායි දිවා ආහාරයක් ලබා දීමේ වැඩ සටහනක් පෙරේදා ( 8දා) මිහින්තලේ රජ මහ විහාරාධිපති පුජ වලවා හැංගුණවැවේ ධම්මරතන නා හිමිපාණන් ගේ මූලිකත්වයෙන්

Uncategorized

ප්‍රජා මුළුතැන්ගෙය ගංගාරාමයේදී ඇරඹේ

ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.

Uncategorized

මහනුවරට විශාල පිරිසක්

උදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.

Breaking News

චීනය පරිත්‍යාග කළ අවසන් සහල් තොගය පැමිණෙයි

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය වන සහල් මෙට්‍රික ටොන් 1000ක් ඊයේ කොළඹ වරායට රැගෙන ආවේය.

Uncategorized

චීනය දෙන පාසල් නිල ඇදුම් තොගයේ පළමු තොගය ජන 6දා ලංකාවට

ලබන වසරේ ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට අවශ්‍ය පාසල් නිල ඇඳුම්වල්නි සියයට 70ක ප්‍රමාණයක් චීනය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කිරීමට නියමිතව තිබේ. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 5කට අධික වටිනාකමකින් යුත් ප්‍රදානයකි.

Uncategorized

පාසල් ගමනටත් සමුදී මව රකින බෝසත් පුතා

අද මගේ අතේ තියෙන්නේ රුපියල් පන්සීයයි, ඒකත් නැන්ද කෙනෙක් ගෙනත් දීපු රුපියල් පන්සියයක්.මම ඒක වියදම් කරන්නැතුව තියාගෙන ඉන්නේ හදිසියක් වුනොත් අම්මව රෝහලකට හරි ගෙනියන්න. ඒක හැර මගේ ලග රුපියලක් වත් නෑ

Breaking News

චීනය ලංකවට ගෙන්වූ සහල් තොගය මෙට්‍රික් ටොන් 8000 සීමාවට

පාසල් සිසුන්ගේ දිවා ආහාර වැඩසටහන වෙනුවෙන් චීනය ලංකාවට පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000ක කොටසින් තවත් සහල් මෙට්‍රික් ටොන් 1000ක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ. මෙම සහල් මෙට්‍රික් ටොන් 1000 කිලෝ 10 බැගින් වූ පැකට් ලක්ෂයක ඇසුරුම් කර තිබේ.

Breaking News

වකුගඩු රෝගීන් පරීක්ෂණයට චීනයෙන් නවීන බස් රථ අටක්

නිදන්ගත වකුගඩු රෝගීන් පරීක්ෂා කිරිම වෙනුවෙන් නවීන තාක්ෂණයෙන් යුතු විද්‍යාගාරයකින් සමන්විත බස් රථ අටක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය කටයුතු කර තිබේ.

Breaking News

’බෙහෙත් තියා දරුවට කන්න දෙන්වත් සල්ලි නෑ’

අපස්මාර රෝගයෙන් පීඩා විදින කඩුගන්නාව පානබොක්කේ පදිංචි දැහැමි ප්‍රථිභා දියණියට අවශ්‍ය පථිකාර කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

Breaking News

තුන් වේලටම කොස්ඇට කන පවුලක්

බිබිල රදලියද්ද ගම්මානයේ රෝගී මවක් දරුවන් තිදෙනෙකු සමග මේ දින වල පවතින ආර්ථික දුෂ්කරතා නිසා කොස් ඇට ආහාරයට ගනිමින් පැල්පතක ජීවත්වීමේ පුවතක් අදට වාර්තාවිය.

Breaking News

චීන සහල් තොගයේ පස්වැනි කාණ්ඩය කොළඹ වරායට

ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

Breaking News

චීනයෙන් ඩොලර් මිලියන 28ක ඖෂධ

චීන රජය විසින් පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවට අවශ්‍යතාවයක්ව පැවති අත්‍යාවශ්‍ය ඖෂධ 14 ක් ඇතුළු ඇමෙරිකානු ඩොලර් මිලියන 28 ක් වටිනා ඖෂධ සහ උපකරණ තොගයක් ඊයේ (03දා) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් එවා තිබුණි.

Uncategorized

අපේක්ෂාවේ ගම්මානයට චීන තානාපති මුල්ගල් තබයි

ලුණුගම්වෙහෙර, කැන්දගස්මන්කන්ද ගම්මානයේ චීනයේ දායකත්වය මත ඉදිකරන අපේක්ෂාවේ ගම්මානය සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්හොන් මහතා ඇතුළු පිරිසක් මුල් ගල් තැබීය.

Uncategorized

මනාල යුවල පහක් එකට අතිනත ගත් උත්සවය

විශේෂ අවශ්‍යතා ඇති තරුණියන් 5 දෙනෙක් හා තරුණයන් 5 දෙනෙක් එකම මොහතක පෝරුමස්ථකාරූඩවී දෑගිලි බැඳ සියළු මංගල චාරිත්‍ර සහිතව විවාහ වීමේ දුලබ මංගල උත්සවයක් බණ්ඩාරවෙල නාමල් හොටලයේදී ඉකුත් 29 දා පැවැත්විණ .

Breaking News

චින ප්‍රාථමික පාසලක ළමුන් ලංකාවට යුවාන් 100000ක් පරිත්‍යාග කරයි

එම සිසුන්ට දෙමාපියන් විසින් එදිනෙදා වියදමට ලබාදෙන මුදල් (පොකට් මනී) මෙසේ ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ. මෙම මුදල් ශ්‍රි ලංකාවේ බලපෑමට ලක්ව ඇති පාසල් සිසුන් වෙත ලබාදීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චින තානාපති කාර්යාලය පවසයි.

Breaking News

චීනයෙන් ලංකාවට හදිසි මානුෂීය ආධාර

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදිමට චීනය ඉදිරිපත්ව සිටියි. ශ්‍රී ලංකා ජනතාව මේ වන විට මුහුණ දෙන අර්බුදකාරි අවස්ථාවේදී ඒ් සඳහා උපකාරයක් ලෙස මෙම මානුෂීය ආධාර තොගය ලබාදෙයි.

Pilisaran

බුත්පිටිය කනිෂ්ඨයට පන්නිල නාහිමිග‍ෙන් තෙමහල් ගොඩනැගිල්ලක්

බුත්පිටිය කනිෂ්ඨ විදුහලට පැවති අවශ්‍යතාවයක් සපුරාලමින්, අත්තනගල්ල රජ මහා විහාරාධිපති පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීම උන් වහන්සේගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

Breaking News

චීනයෙන් රු ලක්ෂ 1270ක ආධාර

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පහසුකම් වර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 127ක් පමණ වටිනා වෛද්‍ය උපකරණ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

Pilisaran

වරකාපොල නිර්මාණකරුවන්ට ඩිජිටල්වේදිකාවක්

වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වසම් වල සිටින නිර්මාණකරුවන් හා විවිධ කුසලතාවන් ඇති අය සඳහා ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට ඩිජිටල් මාධ්‍යයක් ඇතිකිරීමත් ඒ අය සඳහා ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ ත්සවයක් පසුගියදා වරකාපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත් වුණි.