අන්තර් ආගමික සහජීවනය හා සංහිදියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වව්නියාව ප්‍ර දේශය ආශ්‍රිතව ආරම්භ කරන ලද හින්දු බෞද්ධ සංගමය විසින් සිදුකරමින් පවතින ආගමික සේවාවන්හි තවත් දිගහැරුමක් ලෙස කතරගම පුදබිම වන්දනනා කිරීම සඳහා පාද චාරිකාවෙන් ගමන් ආරම්භ කළ මඩකලපුව නැගෙනහිර විශ්වවිද්‍යාලේ හින්දු හා ‌බෞද්ධ සිසුන් බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය ‌වෙට්ටි වස්ත්‍ර ලබාදීමක් සිදුවිය.

මඩකලපුවේදී මෙම වැඩසටහන පසුගිදයා පැවැත්විණ. පසුව ඔවුන් සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව පාද චාරිකාව ආරම්භ කළේය.මේ පිළිබඳව අදහස් දැක්වූ වන්නිල ඇත්තෝ සදහන් කළේ මෙම සංගමයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ආගමික සංහිදියාව ප්‍රවර්ධනය වන බවයි.

0 comments

Leave a Reply

Post Comment