අපස්මාර රෝගයෙන් පීඩා විදින කඩුගන්නාව පානබොක්කේ පදිංචි දැහැමි ප්‍රථිභා දියණියට අවශ්‍ය පථිකාර කර ගැනිම සදහා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
දැහැමි ප්‍රථිභා මේ වන විට 13 වන වියේ පසුවන දියණියකි ඇයට මාස 6 යේ පටන් අපස්මාර රෝගය සැදෙන අතර මෙම දියණිය වසර 3 ට පෙර ඒදඩුවාව විශේෂ පාසලට ගියත් රෝගි තත්වය හේතුවෙන් එයද නැවති ගිය පව දෙමාපියන් පවසයි.
මෙම රෝගය සදහා ප්‍රථිකාර මේ වන විට පේරාදණිය ළමා රෝහලෙන් ලබා ගන්නා බවත් මුල් කාලයේදි රෝහලෙන් සියලුම ඖෂධ වර්ග ලබාදුන් අතර මේ වන විට සමහරක් ඔෂධ රෝහලේ නොමැති විම නිසා එම ඖෂධ මිලදි ගැනිමට සිදුවන බවත් අපස්මාරය සදහා ලබා ගන්නා මෙම ඖෂධ දින 4 ට සැරයක් ගත යුතු වුවත් ඒ සදහා දින 4 ට 2000 ට අධික මුදලක් වැයවෙන් බැවින් වඩු කාර්මිකයෙකු වු පියාට එය දරාගත නොහැකි බවද ඔවුහු පවසයි.
දැහැමිගේ පියා පවසන්නේ වඩු කාර්මිකයෙකු ලෙස කටයුතු කලත් වර්ථමානයේ හරිහැටි මුදලක් ලබාගෙන වැඩ කර ගැනිමට කිසිවෙකු නොපැමිනෙන බවත් හම්බකරගන්නා මුදල් දැහැමි දරුවාගේ ප්‍රථිකාර සදහා යොදාගන්නා විට ඉතිරිවන මුදලින් වේලක් ඇර වේලක් කැමට සිදුවන බවයි.
දැහැමි ප්‍රථිභා දියනියගේ දෙමාපියන් පවසන්නේ දියණියගේ රෝගි තත්වය හේතුවෙන් සෑම විටම කිසිවෙකු හෝ ලගම සිටිය යුතු නිසා කුලි වැඩක් කර ගැනිමටවත් දෙදෙනාමට යා නොහැකි තත්වය හේතුවෙන් මේ වන විට ජිවත්විමට තියා ආහාර සදහාවත් වියදම් කර ගැනිමට මුදලක්වත් නොමැති වි ඇති බවද ඔවුහු පවසයි.

වයිමා
04 years 05 days 09 hours 20 minutes 18 seconds agoරජයේ සේවයේ සිටියානම් දීප ව්‍යාප්ත සේවයක කටයුතු කරන අවිවාහක පුතෙකුත් සිටින වාහන අලුත්වැඩියා කරන පියෙකුත් සමුර්ධි ආධාර ඉල්ලීමක් මෑතකදී ඉදිරිපත් කරන්නෙ ජීවත්වීම දුෂ්කර නිසා තමයි එහෙම නම් මෙහෙම කෙනෙක් කොහොම කරන්නද
ReplySirisena Nishshanka
04 years 05 days 09 hours 20 minutes 24 seconds agoProvide a way to contact them.
Reply