මාතලේ දිස්ත්‍රික්කේ සරණක් නොමැති පාසල් ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍ය  නේවාසිකාගාරයක් ඇතිකිරීම සඳහා  මාතලේ වාරියපොල උගුරැස්ස වත්ත ප්‍රදේශයේ පවතින රුපියල් කෝටියක් පමණ වටිනා අංග සම්පූර්ණ නිවසක් සහිත පර්චස් 40 ක ඉඩමක් මාතලේ ශ්‍රී  පුණ්‍යවර්ධන සමිතිය වෙත පරිත්‍යාග කිරීමට ඩබ්ලිව්  ජී  පද්මලතා මහත්මිය ඇතුළු දූ දරුවන් කටයුතු කළේය.

මීට වසර 35කට පමණ පෙර ජීවිතයෙන් සමුගත් ඒ ඩී ජයනන්ද මහතා සිහිවීම පිණිස ඔහුගේ බිරිඳ වන ඩබ්ලිව් ජී පද්මලතා මහත්මිය හා දූ දරුවන් මෙම දේපල මාතලේ ශ්‍රී පුන්යවර්දන සමිතිය වෙත  පරිත්‍යාග කිරීම සිදු කෙරුණි.

මෙහිදී අදහස් දැක්වූ මාතලේ දිසාවේ ප්‍රධාන සංඝනායක මහලකොටුවේ විමලධම්ම හිමියන් විසින්  ප්‍රකාශ කර සිටියේ  
බිම් අගලටත් අද සමාජයේ දූ දරුවන් කටයුතු කරන මෙවන් මොහොතක මෙම පරිත්‍යාගය  කිරීමට දූ දරුවන් කටයුතු කිරීම රටටම ආදර්ශයක් වන බවත්  මෙවැනි දූ දරුවන් බිහි කිරීමට හැකි වූ මෙම මවුතුමිය ඉතා වාසනාවන්ත කාන්තාවක් බවයි.

එසේම උතුම් ක්‍රියාව ඉටුකර ලබාගත් පින් බලයෙන් මෙලොව දී පමණක් නොව මතු සංසාරයේ දී ත් වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට හේතුවන බව සඳහන් කළ අතර තම දියණිය සමඟ ජපානයට ගොස්  ජීවත්වීමට අදහස් කර ඇති පත්මලතා මහත්මියට කිසිදු කරදරයකින් තොරව වාසනාවන්ත අයුරින් ජීවත්වීමට අවස්ථාව උදා වේවායි ප්‍රාර්ථනා  කළේය.

 

 

0 comments

Leave a Reply

Post Comment