ඵෛතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍රකර ගනිමින් ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහනක් ආරම්භ කිරීම ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සිදු විය.
ආහාර සපයා ගැනීමට ඇති අපහසුතාවෙන් පීඩාවට පත් කොම්පඤ්ඤවීදිය පොලිස් බල ප්‍රදේශයේ හුණුපිටිය, කොම්පඤ්ඤවීදිය, ගාලු මුවදොර, ඉබ්බන්වල සහ වෑකන්ද යන ග්‍රාම නිලධාරි වසම් වල පවුල් 2500ක් ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මකය.
දෛනිකව ක්‍රියාත්මක වන මෙම ප්‍රජා මුළුතැන්ගෙය වැඩසටහන ජනවාරි 01දා සිට දින 40ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම කාලසීමාව තුල ප්‍රතිලාභ ලබන පවුල් වල පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ස්වයං රැකියා අවස්ථා නිර්මාණය, වෘත්තිය පුහුණුව ලබාදීම, සාමාජීය දියුණුව සැලසීම වැනි සුබසාධන වැඩසටහන් මගින් ඔවුන්ගේ ආර්ථික තත්වයන් ඉහල නංවාලීමට පියවර ගැනීම ද විශේෂත්වයකි.
ජනාධිපති කාර්යාලය මූලික කරගනිමින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රජයේ ආයතන මෙන්ම, ජාත්‍යන්තර සිංහ සමාජය, රොටරි සමාජය සහ පෞද්ගලික ආයතන රැසක සහයෝගයෙන් ගංගාරාම විහාරස්ථ දායක කාරකාදීන්ගේ දායකත්වයෙන් මෙම ප්‍රජා මුළුතැන්ගෙය ක්‍රියාත්මක වේ.
මෙහි සමාරම්භක අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, හිටපු අමාත්‍ය දයා ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගූණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ත්‍රිවිධ හමුදාපතිවරු , පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.කේ. විජයබණ්ඩාර යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.




Wasantha
03 years 08 months 09 days 08 hours 31 minutes 30 seconds agoමේ පාර කන්න දීලා චන්දේ මංකොල්ල කන්න වගේ හදන්නේ. කාලකන්ණි මිනිස්සුන්ගේ බඩගින්නත් චන්දෙට හිලව් කරන්න හදන්නේ.
Reply