උදාවූ නව වසරේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතූන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිම සඳහා දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් අද (01දා) පෙරවරුවේ සිට ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සිටියහ.

2023 නව අවුරුද්දේ සිතුම් පැතුම් සඵල කර ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණි සැදැහැවතුන් දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ආගමික වතාවත්වල නිරත වූහ.

මීට සමගාමීව නව අවුරුද්ද නිමිත්තෙන් නාථ, විෂ්ණු, පත්තිනි හා කතරගම යන සිව් මහා දේවලයන්හීද විශේෂ ආගමික වැඩසටහන් පැවැත්විණි.

එමෙන්ම මහනුවර බහිරවකන්ද ශ්‍රී මහ බෝධි මහා විහාරය, ගැටඹේ රාජෝපවනාරාම විහාරය ඇතුලු විහාරස්ථානවල ද අලුත් අවුරුදු උදාව වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහන් සිදු කෙරිණි.

දුම්බර - එම්.ආර්. ප්‍රදීප්

0 comments

Leave a Reply

Post Comment