ශ්‍රී ලංකාවට චීන යුවාන් මිලියන 500 ක හදිසි මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන සහල් තොගයෙන් තවත් සහල තොගයක් පසුගිය 24දා ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

පස්වැනි කාණ්ඩය ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ මෙම සහල් තොගය මෙට්‍රික් ටොන් 1000කි. මෙම සහල් තොගයද සමගින් ශ්‍රී ලංකාවට මේ දක්වා රැගෙන විත් ඇති සහල් තොගය මෙට්‍රික් ටොන් 4000කි.

චීනය පරිත්‍යාග කරන මෙම සහල් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ දිවා ආහාර අවශ්‍යතාව වෙනුවෙන් යොදා ගැනීමට නියමිතය.  එය ශ්‍රී ලංකාව පුරා පාසල් 7,900 ක සිටින මිලියන 1.1 ක දරුවන්ට අවම වශයෙන් මාස 6 ක කාලයක් ප්‍රමාණවත් වෙයි.

චීනය සහල් මෙට්‍රික් ටොන් 10000ක් මෙම වැඩසටහන සඳහා පරිත්‍යාග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග සහ දුෂ්කරතා මැඩපැවැත්වීම වෙනුවෙන් චිනය සෑම විටම ශ්‍රී ලංකාවට සහාය දෙන බවත් ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික සංවර්ධනයටද තම හැකියාව තුළ අඛණ්ඩව සහාය චෙක බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

 

0 comments

Leave a Reply

Post Comment