ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් රුපියල් ලක්ෂ විස්සක මුදලක් වැය කොට (BY PACK MACHINE WITH HIGH FLOW FACILITIES) ශ්වසනාධාරක යන්ත්‍රයක්  හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කිරීම ඉකුත්දා කෙරිණි.

තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව් කරුණාවතී පෙරේරා මහත්මිය අතින් හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා වෙත මෙම යන්ත්‍රය පරිත්‍යාග කෙරිණි.

පෙනහළු වලට විෂබීජ ඇතුළු වීමෙන් ඇතිවන නිවුමෝනියා තත්ත්වයෙන්  හා හතිය  ඇතුළු ශ්වසන අපහසුතා සහිතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශ්වසන පහසුකම් සැපයීම මේ තුළින් සිදු කෙරේ.

ප්‍රංශයේ ජීවත්වන චමිලා මාන්නප්පෙරුම මහත්මිය  ඇතුළු ශ්‍රී ලාංකික මිතුරු කැළ ආහාර  නිෂ්පාදනය කොට ඒවා අලෙවි කිරීමෙන් ලද මුදල් මේ සදහා   වැය කර ඇති අතර මීට පෙර රුපියල්  ලක්ෂ පනහකට ආසන්න ඖෂධ හා වෛද්‍ය උපකරණ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර තිබේ.

ලොව දියුණු තාක්ෂණය යුත් by pack machine with high flow pasilities නමැති ස්වසන  ආධාරක උපකරණය හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය සාරංග මහතාගේ ඉල්ලීමකට අනුව ලබා දී තිබුණි .

මෙම අවස්ථාවට හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර , විශේෂඥ වෛද්‍ය ඉසුරු අභයවර්ධන , වෛද්‍ය සාරංග , වෛද්‍ය  ශාන්තී විතානගේ , ප්‍රංශයේ වෙසෙන චමිලා මාන්නප්පෙරුම මහත්මියගේ (මව) ඩබ්ලිව් කරුණාවතී පෙරේරා , මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 

1 comment

ධාර්මික

02 years 04 months 14 days 02 hours 28 minutes 19 seconds ago

එහෙම නොවෙයි කියල හිතන්න බැහැ .හේතුව දැනටඉතිරි වෙලා ඉන්නේ නාකි ටික විතරනේ.මොලේ තියෙන ඈයෝ සේරම රට ගිහිල්ලා චිස් කන්න.බටර් කන්න සැප ගන්න.

Reply

Leave a Reply

Post Comment