දකුණු අප්‍රිකාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු හට ඔම්‍රිකෝන් වැළඳී ඇති බව තහවුරු වී ඇත.
පවතින ගැටලුකාරී වාතාවරණය යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබේ. නැවත දැනුම් දෙන තුරු මෙසේ ගෘහස්ත ගෑස් වෙළඳපොළ වෙත නිකුත් කිරීම අත්හිටුවා තිබේ.
Read Moreහම්බන්තොට වරාය බදු දී තිබෙන්නේ අවුරුදු 70ට බවත් අවශ්‍ය නම් එම ගිවිසුම අවලංගු කර වරයා නැවත ලබා ගැනීමට හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
Read Moreජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයෙන් ප්‍රකාශ කරයි කියමින් මාස 9ක් රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටි හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සියලු චෝදනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02දා) නියෝග කළේය.
Read Moreදින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.
Read Moreශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.
Read Moreඉලෝන් මස්ක්ගේ ස්පේක්ස් එක්ස් සමාගම ලොවට හඳුන්වාදී ඇති ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මූලික මට්ටමේ ක්‍රියාදාමයන් ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
Read Moreතහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන් පසුගිය දින 14 ක කාලය තුල මෙරටට පැමිණ නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛණ මගින් එය තහවුරු වන්නේ යැයි ඇමතිවරයා සදහන් කරයි.
Read Moreතිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට සිදු වන බව බේකරි හිමියන්ගේ සංගමය පවසා සිටියි.
Read Moreඒ අනුව දකුණු අප්‍රිකාව, බොස්ට්වානා, සිම්බාබ්වේ, ස්වාසිලන්තය, ලෙසෝතෝ, නැම්බියා යන රටවලින් මෙසේ ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
Read Moreගෝලීය ආර්ථික අභියෝග ජය ගනිමින් රට සමෘද්ධිය කරා ගෙන යාමට ඉදිරියේදී ද ජනප්‍රිය නොවන තීන්දු තීරණ රැසකට එළැඹීමට සිදුවනු ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒවා විවේචනයට ලක්වුවද නුදුරු අනාගතයේදීම එහි ප්‍රතිලාභ රටටත්, ජනතාවටත් හිමිවනු ඇති බව ජනාධිපතිවරයා කියා සිටි.
Read Moreසංයුතිය වෙනස්වීම ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමට හේතුවක් නොවන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read Moreදරුණු විකෘති සහිත නව කොවිඩ් 19 ප්‍ර භේදයක් දකුණු අප්‍රිකා විද්‍යාඥයින් හඳුනාගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreආණ්ඩුවේ ඇමතිවරු ආණ්ඩුවට සහය පළ කරන පක්ෂ නායකයන්ට විවේචන කිරීමෙන් එය විශාල අර්බුදයකට පත්විය හැකි බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
Read Moreහිටපු ජනපති, අගමැති, ඇමති මණ්ඩලය පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන් බවට කොමිසම නිර්දේශ කර තිබෙනවා. පාර්ලිමේන්තු පනතකින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකියි ...
Read Moreලීසිං සහනය ලබාදීමේ දී වාරිකයට අමතර මුදලක් එකතු කිරීම සදහා කිසිසේත් අවසර නැතැයි අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමේ හා අමතර මුදල් එකතු කිරිමේ සිද්ධින් ඇත්නම් ඒ පිළිබද ව වහා මහ බැංකුව දැනුවත් කරන්න යැයි සංචාරක සංවර්ධන අධිකාරියට කීවේය.
Read Moreපළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට ආසන්න නිසා ඒ සඳහා මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා ඡන්ද විමසීමේ මූලික කටයුතු ආරම්භ කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සියලුම දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස්වරුන්ට දන්වා යවා තිබේ.
Read Moreත්‍රිකුණාමලය, කින්නියාහා කුරුංඤ්ඤකේනි කලපුවේදී පාලම් පාරුවක් පෙරළීමෙන් සිදුවු අනතුරින් පුද්ගලයන් 6ක් මියගොස් තවත් 20ක් තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreවනවිට අනතුර හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් 17 දෙනෙකු මුදාගැනීමෙන් අනතුරුව රෝහල් ගත කර ඇති අතර, ඉන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවික්‍ෂයට පත්වී ඇත. තවද, අතුරුදන් වී අනෙක් පිරිස් සොයා නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම් සිදුකරමින් පවතී.
Read Moreමේ ව්‍යුහය තාම හැදිලා නෑ. ඒකේ ඉන්නෙත් රසායනික සමාගම් ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂ හරි ඒ හැමෝම ප්‍රතිපත්තිවලට විරුද්ධව කථා කළොත් එයාලා එතනින් අයින්වෙලා යන්න ඕන.කරන්න පුළුවන් අයට කරන්න දීලා.
Read More2022 වසර සඳහා වන අයවැය යෝජනාව දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී ඇත.
Read Moreරුපියල් මිලියන 100 ඉක්මවන ව්‍යාපෘති 332ක් අමාත්‍යාංශ 47ක් යටතේ ක්‍රියාත්මක වන අතර මෙම සංවර්ධන ව්‍යාපෘති වල කාර්යක්ෂමතාව 2021 තෙවැනි කාර්තුව වන විට සමාලෝචනය කරමින් ඉදිරිපත් කර ඇති වාර්තාවලට අනුව සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රථිපල අපේක්ෂිත පරිදි ලබාදීමට ඇති ගැටලු රාශියක් ඇති බව ප්‍රගති සමාලෝචනයේදී හා ඒවායේ වැඩබිම් පරීක්ෂාවේදී අණාවරණය වී තිබේ.
Read More1930 දි ලෝක ආර්ථික අවපාතයෙන් පසු ඇතිවු අමාරුම යුගය මේ යුගය බවත් මේ නිසා රටතුළ ඉදිරියේ දි මිට වඩා දුෂ්කර අවදියක් වීමට ඉඩ ඇති බවත් වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
Read Moreමෙවර මහ කන්නය සඳහා වී, බඩ ඉරිඟු, එළවළු ඇතුළු කෘෂි භෝග සඳහා ශාක පෝෂක සහ කෘෂි රසායනික ආනයනය කිරීමට අවසර ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ සඳහන් කර සිටියි.
Read Moreකොළඹ තුරඟ තරග පිටියේ ජාත්‍යන්තර අවන්හලක අද අලුයම සිදුවූ පිපිරීම සහ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
Read Moreතවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් මෙරටින් හමුවී ඇති බවට ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර සිටියි.
Read More