saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6354 hours ago

LATEST

ගෑස් පිපිරීම්වලට හේතුව සංයුතියෙන් වෙනස් කිරීමයි

calendar_today 2021 දෙසැ 21 - 16:49 remove_red_eye - 807  

මෑත කාලීනව ශ්‍රී ලංකාවේ ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවූ පිපිරීම්වලට හේතුව ගෑස් සංයුතියේ සිදුවු වෙනස්කම් බව ඒ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ ජනාධිපති කමිටුව පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී එම කමිටුවේ සභාපති මහාචාර්යවරයා මේ බව තහවුරු කළේය.

මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කළ බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

Read More

පෙට්‍රල් රුපියල් 35කින්, ඩීසල් රුපියල් 24කින්, භූමිතෙල් රුපියල් 11කින් වහාම ඉන්ධන ඉල්ලුම පාලනය කිරීමට කටයුතු කරන ලෙස මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දෙසැම්බර් 10 දා දිනැති ලිපියෙන් දන්වා ඇති බව අදට වාර්තා වෙයි.

Read More

කබ්රාල් මහතා ඔහු මීට පෙර අධිපති ධුරය හෙබවූ කාලයේ ලබාගත් වැටුපෙන්න් 74%ක් විශ්‍රාම වැටුපක් ලෙසත් මසකට රුපියල් 400,000ක් වත්මන් වැටුප ලෙසද ලබමින් සිටී. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලැබූ වැටුපට වඩා රුපියල් 150,000ක මාසික වැටුපක් කබ්රාල් මහතා ලබාගනිමින් සිටියි. බැඳුම්කර වංචා චෝදනා මත මහ බැංකුවෙන් ඉවත් වූ අර්ජුන මහේන්ද්‍රන්ගේ මසක වැටුප රුපියල් 70,000ක්වූ විය. ඔහු නව විශ්‍රාම වැටුපට හිමිකම් නොකියයි.

Read More

ෆිච් රේටින්ග් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණිගත කිරීම් අනුව CCC සිට CC දක්වා ශ්‍රී ලංකාව පහත දමා තිබේ.

Read More

විශේෂයෙන්ම වසංගතයේ නව ප්‍රභේදය හමුවේ යලිත් නව සංචරණ සීමා පැනවුවහොත් ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩුවෙතැයි යන පුරෝකථන මේ සඳහා හේතු වී ඇති බව වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පවසති.

Read More

ඉදිරියේ දී ගෘහස්ථ ගෑස් බෙදා හැරීමේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුකූල ව කටයුතු කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම අභියාචනාධිකරණයට දැනුම්දී තිබේ.

Read More

කතරගම වන්දනාවේ ගොස් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නැවත නිවසට එමින් සිටි පිරිසක් රැගත් මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන,පෙරළී ගොස් සිදුවූ අනතුරකින් එකම පවුලේ පියා සහ අවුරුදු හතරක දැරියක් මියගොස් මව ,දියණිය සහ තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ,අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි.

Read More

ගෑස් සිලින්ඩරයක අඩංගු සංයුතිය සහ එය සිලින්ඩරයේ ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව පිළිබඳව දැනුම්දීම සඳහා අභියාචනාධිකරණය ලිට්‍රො ගෑස් සමාගමට හෙට (15) දින තෙක් කල් ලබාදී තිබේ.

Read More

ශ්‍රී ලංකාවට කාබනික පොහොර එවූ චීනයේ චින්ඩාවෝ සීවින් බයෝටෙක් සමාගම ඉල්ලූ වන්දිය ගෙවීමට අදාළ යෝජනාවක් ඊයේ පැවැති කැබිනට් රැස්වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති වාර්තා වෙයි.

Read More

පාර්ලිමේන්තුව වාර අවසාන කළ විට එතෙක් යථාපරිදි පාර්ලිමේන්තුව විසින් සලකා නොබලන ලද ප්‍රශ්න සහ යෝජනා අහෝසි වන අතර මන්ත්‍රීවරුන් නැවත වාරයක් ඒ සම්බන්ධව ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතුය. තවද පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාව හා විශේෂ කාරක සභා (තේරීම් කාරක සභා) හැර අනෙකුත් සියලු කාරක සභා නව සැසිවාරයේදී නැවත පත්කළ යුතුය.

Read More

ඊයේ (12දා) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විිසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

කොළඹ දිස්ත්‍රික්කයේ ඉතාමත් වටිනා ඉඩම් දෙකක් විදේශීය ආයෝජක සමාගම් වෙත බද්දට දීමීට අදාළ ගිවිසුම් සකස් කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. මෙම ඉඩම් දෙක බද්දට දීම හරහා රජය අපේක්ෂා කරන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියනයකට ආසන්න වෙයි. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ සඳහා අවශ්‍ය කටයුතු සකස් කර තිබේ.

Read More

මානව හිමිකම් කඩි කිරීම සම්බන්ධයෙන් මෙසේ ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කර ඇත්තේ නාවික හමුදා බුද්ධි නිලධාරී චන්දන හෙට්ටිආරච්චි මහතාට හා හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන්වරයෙක් වන සුනිල් රත්නායක මහතාටයි.

Read More

2022 වර්ෂය සඳහා වන අයවැය වැඩි ඡන්ද 93කින් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණ අතර විපක්ෂව 64ක් ලැබුණි.

Read More

යුගදනවි බලාගාරය පිළිබඳ ගිවිසුම ඇමරිකානු නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අත්සන් කිරීමට කැබිනට් මණ්ඩලය බලය ලබා දී තිබුණ බවත් කෙසේ වෙතත් අදාල ගිවිසුම අත්සන් කර තිබෙනුයේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමග අනුබද්ද එන්.එෆ්.ඊ ශ්‍රී ලංකා පවර් හෝල්ඩින්ග් යන ඇමරිකාවේ ලියාපදිංචි ශ්‍රී ලංකා සමාගමක් සමග බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More

එළඹෙන වසරේදීත් වාහන ආනයනය නොකිරීම පැනවූ සීමාවන් තවත් වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් හෙළිදරව් කළේය.

Read More

මෙරට නිල සංචිත හා වත්කම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1,587ක් ලෙස මෙම වසරේ නොවැම්බර් මාසය වන විට පැවතුන බවත් එයින් ඇමරිකානු ඩොලර් මිලියන 382.2 රත්‍රන් සංචිත බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය.

Read More

’’ මට සමාවෙන්න ප්‍රියන්ත. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා’’

Read More

ශ්‍රී ලංකික ප්‍රියන්ත කුමාර දියවඩන පාකිස්තානයේදී අන්තවාදීන් විසින් කෘර ලෙස ඝාතනය කිරීමට උත්සාහ කරන විට ඔහුව බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තානයේ මලික් අද්නාන් තමන් වෙත පුදකළ සහතික පත්‍රය හා සිවිල් සම්මානය ශ්‍රී ලංකා ජනතාවටත් ජීවිතක්ෂයට පත්වූ ප්‍රියන්ත කුමාරටත් පිරිනමන බව මලික් අද්නාන් පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට තමාට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

Read More

ප්‍රියන්ත කුමාර මහතා ලැබූ මාසික වැටුප ඔහු පවුලේ උදවිය සඳහා නොනවත්වා ලබාදීමට කටයුතු කරන බව පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් පවසා ඇත.

Read More

යුගදනවි විදුලි බලාගාරයේ සියයට 40ක කොටස් ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් සමාගමට විකිණීම සම්බන්ධයෙන් වූ ගිවිසුමේ අන්තර්ගතය ගිවිසුම් ගතවූ දින සිට වසර දෙකක් යනතුරු හෙළි නොකිරීමට දෙපාර්ශ්වය විසින් එකඟ වී ඇති බව වාර්තා වෙයි.

Read More

පසුගිය දිනවල සිදුවූ ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගැටලුවලට ප්‍රධාන හේතු දෙකක් ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටුව මගින් සොයාගෙන තිබේ.

Read More

පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත දියවඩන බේරා ගැනීමට උත්සාහ කළ පාකිස්තාන ජාතික මලික් අද්නන් වෙත පාකිස්තානයේ දෙවැනි ඉහළම සිවිල් සම්මානය වන ටම්ඝා අයි සුජාත් සම්මානය පිරිනමන බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.

Read More

රු.240කට නිල නොලත් ආකාරයෙන් ඩොලර් මිලදී ගැනීමට රු.කෝටි 7,200ක පමණ මුදලක් පවතින්නේ කවරෙකුගේ ගිණුම්වලද යන්න සහ මෙවැනි මුදල් පැන නගින්නේ කවරාකාරයෙන්ද යන්න සම්බන්ධව ඉතාමත් සුපරික්ෂාකාරීව සොයා බලමින් සිටින බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.

Read More

පකිස්ථානයේ සියල්කෝට්හිදී වධ හිංසනයට ලක් කර ඝාතනය කළ ප්‍රියන්ත කුමාර මහතාගේ සිරුර කොටස් හෙට (06) මෙරටට රැගෙන ඒමට නියමිතයි.

Read More

ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කථාකර සිය ජාතියේ ලැජ්ජාව හා තරහ ප්‍රකාශ කළ බව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා පවසයි.

Read More

පාර්ලිමේන්තුවේ අද සහ පෙරේ දා ඇති වූ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු පාර්ලිමේන්තුවට නොපැමිණෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා කළමණාකරුවෙක් පාකිස්තානයේදී කෘර ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවන් 100ක් පමණ එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.