saravita-anim2

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා

TOP STORY - timelapse 6131 hours ago

LATEST

පොහොර නැතුව හරි ගොවියාගේ ආදායම සියයට සියකින් වැඩි කරනවා - ජනපති

calendar_today 2022 පෙබ 09 - 18:29 remove_red_eye - 561  

ගොවි ජනතාව වෙනුවෙන් තමන් අවශ්‍ය ඕනෑම දෙයක් සිදුකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේ අද (09දා) පැවැති පොදුජන පෙරමුණ විසින් සංවිධානය කල පොදුජන රැලිය අමතමින් ඔහු මේ බව පැවසීය.

ඕස්ට්‍රේලියාවේ විශාලතම ආයෝජන බැංකුව වන Macquarie Group හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ෂෙමාරා වික්‍රමනායක ඔස්ට්‍රේලියාවේ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිලධාරි බවට පත්ව සිටින්නීය. ශ්‍රී ලාංකික සංක්‍රමණික පවුලක දියණියක් වන ෂෙමාරාගේ සතියක වැටුප ඇමෙරිකානු ඩොලර් 315000ක් වෙයි.

Read More

’’මුළු ලෝකයම කොරෝනා විසින් ගිලගත්තා. විදේශ මුදල් හිඟයට මුහුණ දී ඇත්තේ රටවල් කිහිපයක් පමණි. වර්තමාන අර්බුදයට හේතුව කොරෝනා නම්, මුළු ලෝකයම එවැනි තත්වයන්ට මුහුණ දිය යුතුව තිබුණි. අපේ ආර්ථික අර්බුදය ණය බරින් ඇති වූ අතර එය උග්‍ර කළේ කොරෝනා වසංගතයයි’’

Read More

වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තීය සමිති හා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතර අද (08දා) පැවැති සාකච්ඡා අසාර්ථක වී තිබේ. ඒ අනුව සිය වෘත්තීය අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති කියයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය වසරේ පෞද්ගලික ජෙට් යානයක් භාවිත කරමින් පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාවේ තිරුපති වන්දනාවට එක්වීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබුණ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබේ. මෙම සංචාරය පිළිබඳව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලා මාධ්‍යවේදී තරිඳු උඩුවගෙදර මහතා විසින් 2021 දෙසැම්බර් 31 වන දින අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

Read More

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දෙයි.

Read More

අයවැයෙන් වෙන් කළ සීමා පමණයි වැඩිපුර ප්‍රතිපාදන නෑ මැති, ඇමති, නිලධාරී ඉන්ධන හා දුරකතන ගාස්තුවලට සීමා ගොඩනැගිලි ඉදිකිරිම, විදෙස් සංචාර හා නව බඳවා ගැනීම්වලටත් සීමා

Read More

මොරොක්කෝවේ පටු විවරයක් සහිත ළිඳක මීටර් 32ක පමණ ගැඹුරක සිරවී සිට රයන් ඉන් බේරා ගැනීමෙන් සුළු වේලාවකට පසුව නිවේදනය කළේ ඔහු ජීවිතක්ෂයට ත්ව ඇති බවයි.

Read More

පූර්ණ එන්නත්කරණය සිදුකර නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා හා පොදු ස්ථානවලට ඇතුළුවීම අප්‍රේල් 30දා සිට වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

වගකීම් ගැන කථා නොකට අයිතිවාසිකම් ගැන පමණක් කථා කිරිමෙන් පළක් නෑ. ආර්ථික, දේශපාලන , සමාජීය වශයෙන් රටක් නිදහස් විය යුතුයි. වෙනස් නොවන අය දෙස බලා රටේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අප කළ යුතු දේවල් අත්හරින්න සූදානම් නෑ. රට වෙනුවෙන් නිවැරදි කිරීම අරමුණ මිස සියලු දෙනා සතුටු කිරිම අරමුණ නොවෙයි.

Read More

මතභේදයට තුඩු දි ඇති රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදිමේ සිදුවීමට අදාළව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

(UPDATE) රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත් අවින්ද රන්දිල ජෙහාන් ප්‍රනාන්දු රාගම පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 07 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More

ශ්‍රී ලංකාව මේ වන වට මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සිංගප්පූරුවේ ප්රටධානතම පුවත් සේවයක් වන straitstimes.com පුවත් සේවය වාර්තාවක් පළකර තිබේ.එම වාර්තාවට ඔවුන් Sri Lanka repays debtors as citizens go hungry (ජනතාව බඩගින්නේ, ශ්‍රී ලංකාව ණය ගෙවයි) යනුවෙන් මාතෘකාව යොදා තිබේ.

Read More

2015 ජනපතිවරණ සමයේදී දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිත කරමින් ලිත් බෙදා හැරීමට කටයුතු කළ බවට චෝදනා කරමින් වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කර තිබේ.

Read More

කෝවිඩ් -19 මර්දනයට අදාළ චක්‍රලේඛය පෙබරවාරි මස 28 වන දින දක්වා දීර්ඝ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය. මේ දක්වා බලාත්මකව තිබු, දෙසැම්බර් අග දී නිකුත් කරනු ලැබු ජනවාරි මස 31ක දක්වා ක්‍රියාත්මක වීමට නියමිත මාර්ගෝපදේශ චක්‍රලේඛය මේ අවස්ථාවේ දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙබරවාරි මස 28 දක්වා එය දීර්ඝ කිරීමට කටයුතු කර තිබේ.

Read More

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඊයේ (30දා) ගම්පහ කලගෙඩිහේන ප්‍ර දේශයේදී එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව විධිමත්, අපක්ෂපාතී පරීක්ෂණයක් කරන මෙන් පොලිස්පතිවරයාට ලිපියක් යොමුකරමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලා සිටියි.

Read More

මාරවිල නාත්තන්ඩිය ප‍්‍රදේශයේ ජාතික පාසලක පාසල් ශිෂ්‍යාවක කොවිඩ් 19 වෛරසය අසාදනය වීමෙන් අද (30 දා) අලුයම මරණයට පත්ව ඇතිබව නාත්තන්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

Read More

(UPDATE) ඇටම්පිටිය ඌමා ඔයේ ගැරඩි ඇල්ලේ 29 දින සවස දිය නෑමට ගිය එකොළොස් දෙනෙකුගෙන් දියේ ජීවිතක්ෂයට පත්වූ පස්දෙනාගේම සිරුරු සොයාගත් බව පොලීසිය කියයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටනකට යාමට රජය කටයුතු කරමින් සිටින බවත් ඒ් පිළිබඳව වන සාකච්ඡා සාර්ථක බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුඛයේ ශල්‍ය කර්මයකට ලක්වූ බවට පසුගියදා පළ කළ වාර්තා ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා ප්‍රතික්ෂේප කරනු ලැබීය.

Read More

ජනවාරි 31 දා තෙක් විදුලිය කැපීමක් සිදු නොවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

Read More

නමුත් පාපැදිය භාවිතා කිරීම මගින් කිලෝමීටරයකට රුපියල් 236.48ක් ඉතිරි කර ගත හැකි වන අතර රජයට සිදුවන ලාභය රුපියල් 339.98ක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ එම්.සී ෆර්ඩිනැන්ඩා් මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියකු වන ඒ මහතා රජයේ ආයතන ගණනාවක ප්‍රධාන තනතුරු කිහිපයක් මීට පෙර දරා තිබේ.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් රාජ්‍ය බැංකුවක පැවැති ගිණුමකින් රුපියල් මිලියන 40කට ආසන්න මුදලක් වරින් වර වංචනික ලෙස ලබාගත් බව කියන ඔහු ළඟින්ම සිටි නිලධාරියෙක් පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තා වෙයි.

Read More

මහ කන්නයේ වී ගොවිතැන් කළ සෑම ගොවියෙකුටම වගා හානී වෙනුවෙන් වනදි ගෙවීමට කැබිනට් අනුමැතිය දුන් බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

Read More

පූර්ණ එන්නත්කරණය සඳහා මාත්‍රා තුනම ලබාගතයුතු බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ඒ අනුව මේ වන විට එන්නත් දෙකක් ලබාගෙන තිබෙන පිරිස් පූර්ණ එන්නත්කරණය වෙනුවෙන් බූස්ටර් එන්නතද ලබා ගතයුතු බවද හෙතෙම පෙන්වා දෙයි.

Read More

විදුලිය කප්පාදුවකින් තොරව කටයුතු කරගෙන යාමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවැසීය.

Read More

ගතවූ සතියක කාලය තුළදී කොවිඩ් නිවෙස්ගතව ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ඉතා ඉහළ වැඩිවීමක් දක්නට ඇතැයි ඒම සේවාව භාර විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පවසයි.

Read More

රටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

Read More

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.