saravita-anim2​

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

2026 සැප්තැම්බර් මස 28 වන සඳුදා

TOP STORY - timelapse 6557 hours ago

LATEST

ගෝඨා ඇමෙරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයියට අයඳුම් කරයි

calendar_today 2022 අගෝ 18 - 07:07 remove_red_eye - 2106  

ජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.

හම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.

Read More
චීන නැව එයි
16 08 2022 06:28:00
0 908

චීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.

Read More

“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.

Read More

ජොන්ස්ටන් ප්‍රනාන්දු, නාමල් රාජපක්ෂ, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රාදේවි වන්නිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසකට, පත් කිරීමට නියමිත නව කැබිනට් මන්ඩලයේ අමාත්‍ය ධුර ලබාදෙන ලෙසට බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති අතර, ඊට සමගි ජන බලවේගය හා ඒ හා එක්ව කටයුතු කරන මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධය පළ කර තිබිණි.

Read More

බෙරාතෙල් නොමැතිවීම හේතුවෙන් සති කිහිපයක සිට වසා දමා ඇති සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු යළිත් සබන සතියේ සිට ආරම්භ කිරමට නියමිතව තිබේ. ඒ ලංකාවට යළිත් බොරතෙල් ලැබීමත් සමගිනි.

Read More

චීනයේ යුවාන් වැංග් හම්බන්තොට වරායට පැමිණීමට විරුද්ධ වීමට ඉන්දියාව හා ඇමෙරිකාව නිශ්චිත හේතු ඉදිරිපත් කිරීමට අපෙහොසත්වීම හේතුවෙන් එම නෞකාවට හම්බන්තොට වරායට පැමිණීම සඳහා ශ්‍රී ලංකා රජය ඊයේ (12දා) අවසර ලබා දී ඇතැයි ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බැංකොක් නුවර මධ්‍යයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිටින බවත් ආරක්ෂක හේතූන් මත ඔහුට එයින් පිටව නොයන ලෙස පොලිසිය උපදෙස් දී ඇති බවත් බැංකොක් පෝස්ට් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.

Read More

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවසිය.

Read More

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11දා) තායිලන්ත වේලාවෙන් රාත්‍රී 8.00ට බැංකොක් නුවර වෙත ළඟා වී තිබේ.

Read More

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග ඊයේ (10දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපති මේ බව සඳහන් කළේය.

Read More

මේ වන විට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව නැවතී සිටීම වෙනුවෙන් හෙට (11දා) තායිලන්තය බලා පිටත්ව යෑමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු වාර්තා රකයි.

Read More

විදුලිය ගාස්තුව සියයට 75ක අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

Read More

ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සඳහන් කරමින් ඉන්දියාව විසින් කොළඹට බලපෑම් කිරීම තේරුමක් නොමැති බව චීනය පවසයි. චීනයේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැංග් 5 යාත්‍රාව හම්බන්තෙට වරායට පැමිණීමට සූදානම් වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.

Read More

චීනයේ විශාලතම පෙට්‍රෝ රසායනික සමාගම වන සිනොපෙක් ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය, බෙදාහැරීම සහ ඛනිජ තෙල් නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ශ්‍රී ලංකා වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ඇති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

Read More

අපි කියන්නේ පක්ෂ විපක්ෂ භේද නැතුව 225 ම ආණ්ඩුවේ කොටස්කරුවන් වෙන්න ඕන. විපක්ෂයක් ඕන නෑ. 225 ම ආණ්ඩුව වුනොත් රටට හොඳ වෙයි.

Read More

ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ.

Read More

මල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය . ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.ෙ මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.

Read More

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

අරගලකරුවන්ගේ ආරම්භයට, ආර්ථිකයේ කඩා වැටීම සහ බඩගින්න හේතු වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අරගලකරුවන් අවසන් මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් අරගලය අවසන් කළේ යැයි කියා සිටියේය. එදා පාර්ලිමේන්තුව කලහකාරීන්ගෙන් ආරක්ෂා නොකළේ නම් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ ආකාරයෙන් එක්ව සාකච්ඡා කිරීමට ඉඩක් නොලැබෙන බව ද පැවසීය.

Read More

එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.

Read More

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉන්ධන ගෙන්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටවලින් ණය ආධාර ලබා දෙන තෙක් බලා සිටින යුගය අවසන් කළ යුතුයි. ඒ නිසා අපේ රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරනවා. ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම වෙනුවෙන් තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා. මේ අර්බුදය අවසන් වන තෙක් මේ අමාරුකම් රට වෙනුවෙන් දරා ගනිමු.”

Read More

ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.

Read More

පවතින තත්ත්වය අනුව දිනකට ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් රුපියල් කෝටි 700ක් වැය වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු වේලාව මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.