පියෙක් හා පුතුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කරයි
මිනුවන්ගොඩ ප්රදේශයේදී එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා වෙඩි තබා ඝතානය කිරීමේ සිද්ධියට සම්බන්ධ යැයි සැකකරුවන් තිදෙනකු ගලේවෙල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.
මෙම පුද්ගලයන් තිදෙනා ඝාතනයෙන් පසුව පලායමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.
මීට වසර කිහිපයකට පෙර පටන් සරුංගලයක් සම්බන්ධයෙන් වූ සිදුවීමක් මුල්කරගෙන ඉදිරියට ගෙන ගැටුමක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මේ අනුව සරුංගලය හේතුවෙන් දෙපාර්ශවයේ පුද්ගලයන් 6ක් ඝාතනයට ලක්ව තිබේ.
ගම්පහ, මිනුවන්ගොඩදී සිදුකළ වෙඩි තැබීමකින් පියෙකු හා ඔහුගේ පුතුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. අද පෙරවරු 7.00ට පමණ ටී. 56 ගිනි අවියක් යොදාගෙන මෙම ඝාතනය සිදුකර තිබේ.
පෞද්ගලික ආරවුලක් මත මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. මෝටර් රථයකින් හා යතුරු පැදියකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.
පුතුන් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පියා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

