CPC, CEB හා ශ්‍රී ලංකන් වසර අවසන් වන පාඩුව බිලියන 4000 ඉක්මවයි
මේ වසර අවසන් වන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වසර අවසන් විට ලබන පාඩුව මිලියන 4000ක් පමණ වනු ඇතැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
“ලබන වසරේ අග වන විට කිසියම් ස්ථාවරත්වයක් ඇති කර ගැනීමත් රුපියල ශක්තිමත් කර ගැනීමටත් අපිට හැකි වෙනවා. මම හිතන්නේ අග නෙමෙයි මැද කාලයේ ඉදන් මේකේ ප්‍රතිඵල අපිට පෙන්වන්න පුළුවන් වෙනවා.
ඒත් ඒ ගැන මම විශේෂ ප්‍රකාශයක් කරන්නේ නෑ. අපි මුහණ දෙන අභියෝග කිහිපයක් තිබෙනවා. පසුගිය වකවානුවේ ඇති කරගත් ආර්තික ප්‍රතිපත්ති හේතුවෙන් හා උදාවුණ ගෝලිය අර්බුදය හේතුවෙන් අපේ රට සම්පූරණයේන කඩා වැටුණා. පසුගිය වසර දෙක තුළ විචාරයකින් තොරව මුදල් අච්චු ගැසුවා.
2015 ආණ්ඩු සමයේ අච්චු ගැසූ මුදල් මෙන් 13 ගුණයක් පමණ පසුගිය වසර දෙක තුළ අච්චු ගසා තිබෙනවා. ඊට සරිසල ලෙස නිශ්පාදනය වැඩි වුනේ නෑ. මෙය උද්ධමනය සියයට 100ක් දක්වා ඉහළ නැංවෙන තත්ත්වයක්.
නමුත් පසුගිය මාස දෙක තුළ අපි ගත් ක්‍රියාමාර්ග නිසා මේ සැප්තැම්බර් මාසයේ උද්ධනමනය සියයට 69ක් දක්වා රඳවා ගන්න පුළුවන් වුණා.
අපි රැඩිකල් ආර්තික ප්‍රතිසංස්කරණ කළ යුතුයි. ඒ අනුව රටඩ බරක් වී ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහ ගත කිරීමට අපි මුල පුරා තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ මේ ආයතනවල පාඩුව සෘජුව හා වක්‍රව දරුවේ මහ ජනතාවයි.
රාජ්‍ය සම්පත් කියන ලේබලයට මුවා වී මේ ආයතවල පාඩුව ජනතාවට පැටවෙව්වා. 2022 වසරේ දෙවැනි කාර්තුව අවසන් වෙද්දී රාජ්‍ය ආයතන කිහිපයක පාඩුව මම සඳහන් කරන්නම්.
ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් බිලියන 1057යි
ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 261යි
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් බිලියන 789යි
අවුරුද්ද අවසාන වන විට මේ ක රුපියල් බිලියන 4000ක පමණ අලාභයක් තිබෙනවා. මේ බර තවදුරටත් ජනතා මත පටවන්න බෑ. ඒ නිසා මේ ආයතන ප්‍රතිව්‍යුහ ගත කළ යුතුයි’

popular news
-
Kumar Thursday, 06 October 2022 03:39 PM
ara atikehel kana satha wageyi. kiya kiya innawaa misak eya gana yamak karanney naha.
Reply : 0 0
Demuni Uduwara Thursday, 06 October 2022 11:46 PM
Mr. President, before restructuring, expose us who are accountable for these losses. We presume you too are liable and reimburse same. Have a forensic audit before restructuring.
Reply : 0 0
LGPJ Friday, 07 October 2022 01:05 AM
Hon. President, Please don't load so called gigantic lost into innocent poor people in Sri Lanka.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

