saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 6209 hours ago

LATEST

රනිල් රටේ නායකයා කරන්න යෝජනාවක් සම්මත වෙයි

calendar_today 2022 ජන 23 - 12:50 remove_red_eye - 3557  

රටේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගතයුතු යයි අද (23දා) පැවති කරන්දෙණිය එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානය ඇතුළු මෙරට ප්‍රදේශ රැසකින් අල්ලා ගන්නා ලද විශේෂ සත්ත්ව කාණ්ඩ 23 කට අයත් සතුන් 529 ක් හා ශාක කොටස් රැසක් ජාන කොල්ලයක නිරතවීමේ අරමුණින් මෙරටින් හොර රහසේ රැගෙන යාමට තැත් කරන ලද රුසියානු ජාතිකයන් තිදෙනෙකුට රුපියල් 8,655,000 ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් ජී. ජී. පී. ජයසිංහ මහතා ඊයේ (21දා) නියෝග කළේය.

Read More

වර්තමානයේ ශ්‍රී ලංකාවට අත්‍යාවශය සහල් වැනි භාණ්ඩ සපයා ගැනීම සඳහා චීන සහනාධාර පහසුකම් උපයෝගී කර ගැනීමේ ඉඩකඩ විමර්ශනය කිරීමට චීනය හා ශ්‍රී ලංකාව එකඟ වී ඇති බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

තෙල් නැව් දෙකක් ලංකාවට සමීප මුහුදේ, එක නැවකට ඩොලර් 18,000 බැගින් අද වනවිට දින 04කට ඇ.ඩො. 72,000ක් ප්‍රමාද ගාස්තු ගෙවන්න වෙලා

Read More

රජයේ සේවකයින්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 65 කිරීමට අදාළ ගැසට් නිවේදනය රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් නිකුත් කර තිබේ.

Read More

පාස්කුදා ප‍්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවේ පැමිණිල්ල ලකුණු කළ ලේඛණ පරීක්‍ෂා කළා නම් ඔහුට එරෙහිව මෙම නඩුව නොදා ඉන්න තිබුණා යැයි ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (19දා) විවෘත අධිකරණයේදී පැවසීය.

Read More

ශ්‍රි ලංකාව හා චීනය අතර අත්සන් කළ රබර් - සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් මිිලියනයක් පරිත්‍යාග කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.

Read More

ඛනිජ තෙල් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක මූල්‍ය පහසුකමක් ලබාදෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියයි.

Read More

එතනෝල් ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ව්‍යාපාරිකයෙකුට ගුවන්තොටුපළ ප්‍රභූ පර්යන්තය භාවිත කිරීමේ පහසුකම් සලසා දීමට රාජ්‍ය අමාත්‍යවරයෙක් විසින් කටයුතු කළ බවට වාර්තාව වූ සිද්ධිය සම්බන්ධ විමර්ශන වාර්තාව මේ වන විට ජනාධිපතිවරයාට භාරදී තිබේ.

Read More

අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම ‌සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ලංකා ඉන්දීය තෙල් සමාගම සමග සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස තමන් ලංවිම සභාපතිවරයාට දැනුම් දුන් බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.‍

Read More

ලක්විජය බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු සඳහා තාක්ෂණික උපදේශන සේවා ලබාගත් චයිනා මැෂිනරි ඉංජිනේරින් කෝපරේෂන් සමාගම (සී.එම්.ඊ.සී) සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17.5ක හිඟ මුදලක් ගෙවිමට සිදුව ඇති බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලාංකිකයන් විදෙස් ගතව උපයන මුදල් ශ්‍රී ලංකාවට එවීමේ විශාල පහළ යෑමක් පසුගිය වසර තුළදී මෙන්ම දෙසැම්බර් මාසය තුළදී දක්නට ලැබේ.

Read More

ලෝකයේ අනෙකුත් රටවල මෙන්ම ඔමික්‍රොන් ප්‍ර භේදය ලංකාවේ ප්‍රමුඛතම ප්‍ර භේදය බවට පත්වෙමින් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.

Read More

මධ්‍යම අධිවේගයේ මිරිගම - කුරුණෑගල කොටස අද පස්වරුවේ ජනතා අයිතියට පත්කරනු ලැබීය. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කොටස ජනතා අයිතියට පත්කරනු ලැබීය.

Read More

බලාගාර පවත්වාගෙන යෑම වෙනුවෙන් විදුලි බල මණ්ඩලයට ඩීසල් මෙට්‍රික් ටොන් 1500ක් බැගින් දිනකට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව තීරණය කර තිබේ.

Read More

ලිට්‍රෝ ගෑස් සමාගමේ සමාගමේ සභාපතිධුරයෙන් ඉවත් කළ තෙෂාර ජයසිංහ මහතා පැය කිහිපයකට පසුව යළිත් එම තනතුරේ පිහිටුවන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

Read More

සමගි ජන බලවේගයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සිටින්නේ තමන් යටතේ දේශපාලනය කළ අය බවත් දැන් තමන් තෙවැනි පෙළක් නිර්මාණය කරගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

2021 වසරේදී වැලිකඩ රැඳවියන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ මැගසින් බන්ධනාගාරයේ හිටපු අධිකාරි එමිල් රංජන් ළමාහේවා මහතාට මරණ දඬුවම නියම කිරීමටත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා නිදොස් කර නිදහස් කිරීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද නියෝග කළේය.

Read More

කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු

Read More

පොදුජන පෙරමුණේ සාමාජිකයන් දිගින් දිගටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෑල්ලුවට ලක්කරන්නේ නම් තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළම පෙළේ නායකයන් පිරිසක් සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

Read More

කුමන තත්වයක් යටතේ වුවද මෙම වසර පුරා නාඩු සහල් කිලොවක් රුපියල් 105ට අඩුවෙනුත් ,සුපිරි සම්බා සහල් කිලොවක් රුපියල් 130ට අඩුවෙනුත් පවත්වාගෙන යන බවට සහතික වන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අමාත්‍යාංශ හා රාජ්‍ය අමාත්‍යාංශ 10ක ආයතන හා කාර්යයන් සංශෝධනය කරමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

රුපියල් 5000 දීමනාව පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට පෞද්ගලික අංශය නියෝජනය කරන ප්‍රධාන සේවා සහ නිෂ්පාදන අංශවල සහ සේව්‍ය සම්මේලනයේ නියෝජිතයන් අද දින(10) සාකච්ඡාවකට කැඳවා තිබුණි.

Read More

මෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බවත්, එම මුදල ලබාදෙන ලෙස අද (10දා) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

Read More

කොවිඩ් වසංගතය හමුවේ පැනනැගී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිවරයා විසින් පෙන්වා දෙනු ලැබිණ.

Read More

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග සහිත බහාලුම් නිදහස් කර ගැනීම වෙනුවෙන් මහ බැංකුව විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් නිදහස් කර තිබේ.

Read More

මම සතයක්වත් විදේශ ණය අරගෙන නෑ මගේ අවුරුදු 02ක ඇතුළත. ඩොලර් බිලියන් 6.3ක් අපි සෑම අවුරුද්දෙම ණය ගෙවිය යුතුයි. මේ ණය පසුගිය ආණ්ඩු ගත්තේ. සංවර්ධනය වෙන්න පුළුවන්, වෙනත් කරණාවලට වෙන්න පුළුවන්. නමුත් මේ ණය අපි සෑම අවුරුද්දකම ගෙවිය යුතුයි.

Read More

ගම සමග පිළිසඳරක් වැඩසටහන කොවිඩ් නිසා ඉදිරිට ගෙන යාමට නොහැකි වූ බවත් ඉදිරියේදී සෑම පළාතකම ඇති රාජ්‍ය ආයතනවලට තමන් පැමිණෙන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

ඉදිරියේදි විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. අපි ඊයේ දිනයේදි පිටි සමාගම් සමග සාකච්ඡා පැවැත්වූවා. ඔවුන් කීවේ ඒ අයට ඕන තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර්වල කියලා. ඒ අයට අවශ්‍ය ඩොලර්වලින් සියයට 10යිලු ලැබෙන්නේ.

Read More

ලංකා ඉන්දියානු තෙල් සමාගම (Lanka IOC) පාලනයේ පැවති ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි සාතිශය බහුතරයක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පාලනයට යටත් වන ව්‍යාපෘතියක් ලෙසින් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුම්ගත වීම අද (06දා දින මුදල් අමාත්‍යංශයේ දී සිදුවූ බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.