saravita-anim2

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා

TOP STORY - timelapse 4910 hours ago

LATEST

තිලංගට කෝටි දෙකහමාරක් වන්දි ගෙවන්න අර් ජුනට නියෝග

calendar_today 2022 නොවැ 17 - 18:45 remove_red_eye - 1203  

ශ්‍රී ලංකා ක්‍රිකට් හි හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට රුපියල් මිලියන විසිපහක වන්දියක් ගෙවන ලෙසට අර්ජුන රණතුංග මහතා ට ගල්කිස්ස සිවිල් අභියාචනා මහාධිකරණය අද (17දා) නියෝග කලේය.

කාන්තාවකට අතවර කිරිම ඇතුළු චෝදනා 4ක් යටතේ ඔස්ට්‍රේලියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතලිකට ඇප ලැබී තිබේ. ඒ ඔහු වෙනුවෙන් ඔහුගේ නීතිඥයින් ඉදිරිපත් කළ දෙවැනි ඇප අයදුම අනුවය.

Read More

මහ බැංකුව ඊයේ රුපියල් බිලියන 130ක මුදල් අච්චු ගසා තිබේ. ඒ අනුව රජයේ සුරැකුම්පත්වල මුහුණත වටිනාකම රුපියල් බිලියන 2440 සිට රුපියල් බිලියන 2570ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

මේ යන ක්‍රියාවලිය තළ ජනතාවට සෑහෙන පීඩා විදින්න වෙනවා. මෙ ්පීඩාව කොහොමද හැමෝම අතර සාධාරණව බෙදා ගන්නේ. බහුතරයක් ජනතාව මේ අර්බුදය නිසා දුප්පත්කමට වැටිලා තියෙනවා.

Read More

පොලිස් රාජකාරියට බාධා කළ බව සඳහන් කරමින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු 13 දෙනාට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරිර ඇප දෙකක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා නියෝග කළේය. කුරුඳුවත්ත පොලිස් භූමියේ රැඳී සිටිමින් විරෝධතාවයේ නිරතව සිටියදි ඊයේ (14) සවස හිරුණිකා ඇතුළු පිරිස අත්අඩංගුවට ගත්තේය.

Read More

රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයන්ට සහනයක් ලබාදීමට ලබන වසර අවසන් වන විට හැකියාව ලැබෙනු ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කථාව ඉදිරිපත් කරමින් පැවැසීය.

Read More

මෑතකදී කළ ඉන්ධන මිල සංශෝධනය සමග පෙට්‍රල් හා ඩීසල් වලින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන ආකාරය විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් හෙළිකර තිබේ.

Read More

එසේම මෙම සතිය මුලදී ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන ලද බැවින් නොවැම්බර් 15 වැනි දින තවත් මිල සංශෝධනයක් සිදු නොවන බවද අමාත්‍යවරයා පැවැසීය.

Read More

මම මැරෙන්නේ මේ රටේ කවදාහරි. මගෙ තාත්තා ඉපදුනේ මේ රටේ. අපි හොඳ බොදු ගොවි දකුණේ මිනිස්සු. මගේ තාත්තා ඉපදුනේ මේ රටේ. අති පණ්ඩිත හාමුදුරුවරු බිහිවුණ පරම්පරාවකින් අපි ඒන්නේ. මම මේ රටට අයිති කෙනෙක්. මම මේ රටේ.

Read More

අද රාත්‍රි යේ සිට ක්‍රියාත්මක කර ඇති මෙම මිල වැඩිවිම අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් හා ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබේ.

Read More

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නොවැම්බර් 17දා දක්වා විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (11දා) නියෝග කළේය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැමිණි එකඟත්වය පිළිබඳව නිසැකවම පාර්ලිමේන්තුව දැනුම්වත් කරන බවත්, කෙසේ වෙතත් එහි අඩුංගු කරුණු පිළිබඳ චීනය, ඉන්දියාව වැනි රටවල් සමග සාකච්ඡා කරන අතර, ඇතැම් සංශෝධන සිදුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

සුප්‍රකට සීනි බදු වංචාව හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම රුපියල් කෝටි 1676ක් ලෙස ගණන් බලා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවට පැවැසිය.

Read More

ලෝක වෙළඳපොළ තුළ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

බදු කපලා මේ රට කාබාසිනියා කරපු නායකයාට පවුලත් එක්ක මැරෙනතුරා ජිවත් වෙන්න අපේ බදු වලින් ගෙවන්න වෙලා. අපි උදේ දකිනවා ඇවිදින්න යනවා හමුදා නිලධාරීන් වටේට යනවා 30ක් විතර. වාහන යනවා පහක් විතර. රජයට අය කරගන්නා බදු මුදලින් දවසට 150000ක් විතර වෙන් කරන්න ඕන උන්දැට අවිදින්න.

Read More

එකතු කළ අගය මත බදු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් හා දේශීය ආදායම් බදු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක්ද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබේ.

Read More

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා යටතේ සිඩ්නි පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබෙන ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ශ්‍රී ලංකාව තුළ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

Read More

කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කලහකාරී ලෙස හැසිරෙන රැඳවියන් අද පෙරවරුවේ එම කඳවුරු භූමිය තුළ ඇති 9 වැනි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් අයත් අවි ගබඩාවට පැමිණ එහි අවි ගැනීමට තැත් කිරිමේදී වහාම ක්‍රියාත්මක වූ සොල්දාදුවන් අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කීරිමට කටයුතු කර තිබේ.

Read More

වත්මන් පාර්ලිමේන්තුව තුළද්විත්ව පුරවැසියන් දස දෙනෙකු පමණ සිටින බවත් ඔවුන් සොයා ගැනීම එතරම් අපහසු කටයුත්තක් නොවන බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ රාජ්‍ය නායකයා හැටියට ජනාධිපතිවරයා ද්විත්ව පුරවැසිභාවය සඳහා අත්සන් කරන බැවින් ජනාධිපති කාර්යාලයේ ද ඊට අවශ්‍ය ලේඛන තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවසීය .

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඔස්ට්‍රේලියාවේ සිඩ්නි පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත

Read More

අයවැය කාලසීමාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු පත් කිරීමට නියමිත බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා බලධාරින් සහ ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් භාණ්ඩාගාර හා මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) මාර්ගගත තාක්ෂණය ඔස්සේ පැවැත්විණි.

Read More

ගම්පහ දුම්රිය ස්ථානයේ නව වැසිකිළික් ඉදිකිරීම සඳහා පෞද්ගලික සමාගමකට කොන්ත්‍රාත්තුවක් භාරදී ඇති අතර, ඒ සඳහා රුපියල් එක්කෝටි අසූ ලක්‍ෂ අසු එක් දහස් හයසිය පහලොවයි ශත හතරක (18081615.04) මුදලක් වැය කිරීමට නියමිතය. සැලසුමට අනුව, කාන්තා හා පිරිමි වැසිකිළි දෙකකින් සමන්විත තනි තට්ටුවේ ගොඩනැගිල්ලක් වන මෙහි, වර්ග ප්‍රමාණය වර්ග අඩි 594 කි. ඒ අනුව එක් වර්ග අඩියක් සඳහා රුපියල් 30440ක මුදලක් වැය කිරිමට නියමිතය.

Read More

මේ සතියේදි ඉන්ධන මිල අඩුවිමක් නොමැති බව විදලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමන් පවසයි. මේ වන විට ඉන්ධන හල් වල ඉන්ධන නොමැති වි ඇත්තේ ඉන්ධන මිල අඩුවෙතැයි අපේක්ෂාවෙන ඉන්ධන හල් විසින් ඉන්ධන සඳහා ඇණවුම් ඉදිරිපත් නොකිරීම බවද අමාත්‍යවරයා පවසයි.

Read More

සංවිධාන රාශයක් ‌ඒක්ව කොළඹ පැවැත්වූ විරෝධතාවට ඒක්වූ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසකට විරෝධතාකරුවන් සිය විරෝධය එල්ල කළේය.

Read More

වෘත්තීය සමිති, සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රාශියක් රජයට එරෙහිව ඒකාබද්ධව පවත්වන විරෝධතාව සඳහා පොලීසියෙන් බාධාවක් එල්ල වී තිබේ. මෙම විරෝධතා පාගමන ටෙක්නිකල් හංදිය හරහා කොළඹ කොටුවට පැමිණෙමින් සිටින විට එය නැවැත්වීම වෙනුවෙන් පොලිසිය බාධාක දමා තිබුණි.

Read More

ශ්‍රී ලංකාවේ බලපෑමට ලක්ව ඇති ප්‍ර දේශවල ගොවීන්ට හා ධීවරයින්ට ලබාදීම වෙනුවෙන් ඩීසල් ලිටර් මිලියන 10.6ක් පරිත්‍යාග කිරීමට චිනය කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.

Read More

නිසි සෞඛ්‍යය උපදෙසකින් තොරව අවිධිමත් ලෙස උපත් පාලන ඖෂධ ලබා ගැනීමේදී අවදානම් සහගත නොමේරු දරු උපත් හටගෙන එම දරු උපත ජීවිත අවදානමකට පවා ලක්ව අවාසනාවන්ත සිදුවීම් වලට පවා මුහුණ දීමට සිදු විය හැකි බැවින් එම සිදුවීම් අවම කිරීම සඳහා නිසි සෞඛ්‍ය උපදෙස් වලට අනුව උපත් පාලන ඖෂධ ලබාගැනීමට කාන්තාවන් යොමු විය යුතු බව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය පැවසුවාය.

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඔක්තෝම්බර් මාසයේ දී උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. සැප්තැම්බර් මාසයේදී මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.