ලිට්‍රෝ ගෑස් මිල යළිත් වතාවත් පහත දැමීමට එම සමාගම තීරණය කර තිබේ. එළැඹෙන 05 දා මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි මෙසේ මිල සංශෝධනය කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේ දී ලැබෙන බව නිවේදනය කරයි.
Read Moreශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) අතර විස්තීරණ ණය පහසුකමක් වෙනුවෙන් මූලික එකඟතාවයකට පැමිණ ඇති බවත් මේ පිළිබඳව හෙට දිනයේදී නිවේදනයක් නිකුත් කිරීමට නියමිත බවත් රොයිටර් පුවත් සේවය පවසයි.
Read Moreජී.එල්. පීරිස් මහතාට අමතරව ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය චන්න ජයසුමන, ජී. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදේනි කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරු මෙසේ විපක්ෂයට ගොස් අසුන් ගත්හ.
Read Moreරාජ්‍ය ආයතනවලට මහජනතාවගෙන් ලැබෙන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා සතියක් ඇතුළත පිළිතුරු සැපයිය යුතු බව සඳහන් කරමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreලබන පළමුවැනිදා සිට එකතු කළ අගය මත බද්ද සියයට 12 සිට සියයට 15 දක්වා වැඩිකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතුරු අය වැය ඉදිරිපත් කරමින් පැවැසීය.
Read Moreශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට රාජ්‍ය වියදම ට්‍රිලියන 4 ඉක්මවූ විසර්ජන පනත් කෙටුම්පත හෙට (30දා) මුදල් අමාත්‍යවරයා ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreරාජ්‍ය ආදායම වසරේ මුල් මාස පහ තුළදී සියයට 17.5ක වාර්ෂික වර්ධනයක් වාර්තා කරමින් පූර්ව වසංගත මට්ටම් කරා ළඟා වී ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි. 2021 වසරේ මුල් මාස පහ තුළදී රු. බිලියන 630.1 වූ ආදායම 2022 වසරේ මුල් මාස 5 තුළදී රුපියල් බිලියන 811.9 දක්වා ඉහළ ගොස් තිබේ. බදු අනුපාත ඉහළ නැංවීම සහ විශාල සමාගම් සඳහා එක් වරකට අධිභාර බද්ද පැනවීම හේතුවෙන් මෙසේ රාජ්‍ය ආදායම ඉහළ ගොස් තිබේ.
Read Moreඉදිරියේදී පත්කිරීමට නියමිත රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා වරප්‍රසාද හිමි නොවන්නේ නම් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙසින් ලබන 30 දා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතාට සහාය පළ කරන කණ්ඩායම ප්‍රකාශ කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
Read Moreනමුත් මේ වෙලාවේ තියන සීමිත සම්පත් ප්‍රමාණය වඩාත් කාර්යක්ෂම සහ වඩාත් ප්‍රයෝජනවත් විදිහට භාවිතා කිරීම තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඒ තත්ත්වය සමනය වුනාට පස්සේ ක්‍රමානුකූලව මේවා ඉවත් කළාම යම් කිසි ආකාරයක සීමා අයින් කරන්නත් පුළුවන්.
Read Moreහොරු නිතියේ රැහැනට කොටූ කර ගැනිමේ මෙහෙයුම් අඛණ්ඩව සිදුකරන බවත් තමන් ස්වාධිනව කටයුතු කරන බවත් නිදහස ලැබූු රන්ජන් රාමනායක මහතා පැවැසීිය. ඒසෛ්ම තමන්ට සමාව ලබාදිම වෙනුවෙන් කටයුතු කල සියලුම දෙනාට ස්තූතීය ප්‍රකාශ කරන බවත් තමන් සෑම වීටම ජනතාව සමග කටයුතු කරන බවත් නිදහස ලැබීමෙන් පසුව ඔහු පැවැසිය.ඩ
Read Moreඅධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරුවී සිර දඬුවම් ලබන හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාට කොන්දේ්සි සහිිත ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් වූ ලේඛනයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) අත්සන් තැබීය.
Read Moreණය සහන පිළිබඳ සිය ස්ථාවරය වෙනස් කරන ලෙස ශ්‍රී ලංකාව චීනයෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නික්කෙයි ඒෂියා පුවත් සෙවය වෙත විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පැවැසිය.එසේම ඒ් සම්බන්ධයෙන් එකඟතාවයකට එළැඹීිම පහසු නොවන බවද ජනපතිවරයා සඳහන් කරයි.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මස මුල් සතියේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඩේලි මිරර් පුුවත් සේ්වය පවසයි. ඒ් අනුව ඔහු සැප්තැම්බර් 2 හෝ 3 යන දිනවල නැවත පැමිණීමට ඉඩ ඇති බවද එම පුවත් සේවය පවසයි.
Read Moreශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයට විසඳුම් ලබාදීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිදු කෙරෙන මූලික වටයේ සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී අද (24) පස්වරුවේ පැවැත්විණි.
Read Moreමේ වන විිට තායිිලන්තයේ රැදී සිටින හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් සති දෙකකින් පමණ ශ්‍රි ලංකාවට පැමිණීමට නියමිත බව රොයිටරස් පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
Read Moreණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාර්ථකත්වය මත හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාර්ථක සාකච්ඡාවලට යටත්ව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට විස්තීරණ අරමුදල් පහසුකම ලබා දීම වසර අවසානය වන විට අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
Read Moreඅන්තර් විිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලගේ ඇතුළු තිදෙනක් දින 90කකාලයක් සඳහා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දීමට ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කර ඇත.
Read Moreඑක ග්‍රාම නිලධාරී කොට්ඨාසයකට නිලධාරීන් 09 දෙනෙක් විතර ඉන්නවා. ග්‍රාම නිලධාරී කොට්ඨාසය බෙදාගෙන හැම එක්කෙනෙකුටම කොටසක් භාරගන්න කියනවා. වැඩ කරනවනම් වැඩ කරන්න, බැරිනම් ගෙදර යන්න. අපි නිකන් ගෙවන්න ලෑස්ති නැ. වගකීම දිසාපතිතුමා භාරගත යුතුයි. මොකද කාටවත් නිකන් කන්න දෙන්න බැ. මොකක් හරි කරන්න ඕන. මටත් නිකන් කන්න බැහැ, මම මේ රට දියුණු කළේ නැත්නම් මටත් යන්න වෙනවා. එහෙනම් ඉස්සෙල්ලම අපි ගමෙන් පටන් ගනිමු.
Read Moreසපුගස්කන්ද පිරිපහදුව අද සිට මෙහෙයුම් ආරම්භ කළ බවත් පසුගියදා ශ්‍රී ලංකාවට ළඟා වූ බොර තෙල් මෙට්‍රික් ටොන් 100,000 ඒ සඳහා මුදා හරිමින් පවතින බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසාර නොවන ලෙස තක්සේරු කර ඇති බැවින්, විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සඳහා ණය තිරසාර බව ප්‍රතිෂ්ඨාපනය කරන බවට ශ්‍රී ලංකාවේ ණය හිමියන්ගේ ප්‍රමාණවත් සහතික කිරීම් අවශ්‍ය බවද මූල්‍ය අරමුදල පවසයි.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රය ක්‍රියාත්මක නොකරමින් එහි මාර්ගෝපදේශ පිළිනොගත් ඉන්ධනහල් 12ක් වෙත ඉන්ධන බෙදාහැරීම අත්හිටුවීමට තීරණය කළ බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreපහුගිය කාලයේදී අපි ගත්ත ප්‍රතිපත්ති එක්ක සාධනීය ප්‍රථිඵලයක් පේනවා. උද්ධමනය සියයට 70ට වඩා යන්න වගේ ඉඩකඩක් තිබුණ බව පෙනුනා. නමුත් විදුලි බල ගාස්තු වැඩිකිරිමට පස්සේ මේක යම් ප්‍රමාණයකින් අවසන් වෙලා ඉදිරියේදී උද්ධමනය අඩුවෙයි කියන බලාපොරොත්තුව තිබෙනවා.
Read Moreජනතා විරෝධය හමුවේ රටින් පිටවගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ඇමරිකාවේ පදිංචියට යාම වෙනුවෙන් ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබා ගැනිම වෙනුවෙන් වූ කටයුතු ආරම්භ කර ඇති බව බව ඩේලි මිරර් පුවත් සේවය තොරතුු වාර්තා කරයි.
Read Moreහම්බන්තොට වරාය යුදමය කටයුතු වෙනුවෙන් භාවිත කිරීම සඳහා චිනයට අවසර දි නොමැති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශයන්හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බවත් එම සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේ සිට තායිලන්තය බලා ගමන් කිරිම වෙනුවෙන් ඔහු වෙනුවෙන්ම මිලදි ගත් ගුවන් යානය වෙනුවෙන් වූ වියදම රජය මගින් ගෙවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreචීනයේ පර්යේෂණාත්මක නෞකාවක් වන යුවාන් වැංග් 5 නෞකාව හම්බන්තොට වරායට පැමිණ තිබේ. මෙම නෞකාව ඉන්ධන හා අත්‍යාවශ්‍ය සේවා ලබා ගැනිම වෙනුවෙන් මෙසේ හම්බන්තොට වරායට පැමිණියේය.
Read More“රාජ්‍ය වියදම් පාලනය කිරීම” යන මැයෙන් භාණ්ඩාගාර ලේකම්වරයා විසින් 2022-04-26 දිනැතිව යොමු කර ඇති අංක 03/2022 දරන ජාතික අයවැය චක්‍රලේඛයේ විධිවිධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යයෙන් කටයුතු කළයුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත.
Read More