රජයේ ණය සීමාව බිලියන 9000කින් වැඩි කර ගනියි
විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය හෙට (09) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කළ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් අද (08) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව, ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 4,979 සිට රුපියල් බිලියන 13,979 දක්වා වැඩි කිරීමට උක්ත පනත් කෙටුම්පත මගින් යෝජනා කොට තිබේ.
එමෙන්ම, පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ ධීවර හා ජලජ සම්පත් පනත යටතේ වන නියෝග පිළිබඳ විවාදය ද හෙට දිනයේදී පැවැත්වෙනු ඇත.
ඒ අනුව, ඉහත විවාදය හෙට (09) පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා පැවැත්වෙනු ඇති බවද මහ ලේකම්වරිය සඳහන් කළාය.
අනතුරුව ප.ව. 5.00ට පෞද්ගලික මන්ත්රී පනත් කෙටුම්පතක් වන ශ්රී ලංකා බදුකරණ කාර්යායතනය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත සලකා බැලීමට නියමිතය. ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා විරුද්ධ පාර්ශ්වය ගෙනෙන යෝජනාවට අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය පැවැත්වේ.
මෙම පාර්ලිමේන්තු රැස්වීම් සතියේ අනෙකුත් දිනයන්හි කටයුතු පසුගිය ජූලි 21 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කළ පරිදි පැවැත්වීමට නියමිත බවද මහ ලේකම්වරිය පැවසුවාය.
popular news
-
Dayan Wednesday, 09 August 2023 02:03 AM
Ranil is doing well. Spend it to give more relief to the people in order to get votes in future election. People also will eat with joy. Be ever bankrupt country.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

