saravita-anim2

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා

TOP STORY - timelapse 4742 hours ago

LATEST

මහින්දානන්දගෙන් ලොකු හෙළිදරව්වක්

calendar_today 2022 සැප් 21 - 16:00 remove_red_eye - 1763  

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා අයතන බදු දැලෙන් රිංගා යන ආකාරය පිලිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ හෙළිදරව්වක් කළේය.

යුක්රේනයේ යුද්ධය මාස හතකට ආසන්න කාලයක් කරා ළඟා වන විට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් රුසියාවේ අර්ධ බලමුලු ගැන්වීමක් නිවේදනය කළේය.

Read More

ජනාධිපතිවරයාගේ මෙම පැමිණීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපළ තුළත් ඒ අවට ප්‍රදේශය තුළත් කොළඹ කටුනායක අධිවේගී මාර්ගය දෙපසත් සහ ගුවන් ධාවන පථය අවටත් ආරක්ෂාව දැඩි ලෙස තර කර තිබුණි .

Read More

මෙහිදි මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුව් මාසික විදුලි බිල ලක්ෂ 60ක් වන බවත් ඒ අනුව එය අවම කර ගැනීම වෙනුවෙන් සූර්ය ‌කෝෂ මගින් විදුලිය ලබා ගැනීමේ ක්‍රමයක් සකස් කරන ලෙසයි. එයට පිළිතුරු ‌‌දෙමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ විදුලි බිල සඳහා රුපියල් ලක්ෂ 60ක් ගෙවනවා වෙනුවට ඒ සඳහා ගෙවීමේ ක්‍රමයට හෝ සූර්ය විදුලි පද්ධතියක් ස්ථාපිත කිරීම වැදගත් බවයි.

Read More

දිවයිනේ සමස්ත බන්ධනාගාර තුළ සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13200කට ආසන්න වුත් දැනට බන්ධනාගාර ගතව 24000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා ඇති බව දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල් අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය, වැඩබලන ළමා හා කාන්තා සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ, වැඩබලන තාක්ෂණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කනක හේරත් සහ වැඩබලන අයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා දිලුම් අමුණුගම පත් කර තිබේ.

Read More

මාර්තු මාසයේ සිට රුසියානු හමුදා විසින් රදවාගෙන සිටි ශ්‍රී ලාංකික සිසුන් හත් දෙනෙකු ඛාර්කිව් කලාපයේ මුදාගත් ප්‍රදේශවලදී බේරා ගත් බව යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි සිකුරාදා ප්‍රකාශ කළේය.

Read More

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන පිරවුම්හල්වලින් කොටසක් මිලට ගැනීමට ඉන්දීය තෙල් සමාගම එකඟව ඇති බවත් ඒ් සඳහා එම සමාගමට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

Read More

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩකයන් 15ක් ඇතුළත් වෙයි. මෙම කණ්ඩායමට උප නායකයෙක් නම්කර නොමැති අතර ආසියානු තරගාවලියේ උපනායක ලෙස කටයුතු කළේ චරිත් අසලංකයි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් මූලික ණය ගිවිසුමකින් පසු ආර්ථිකය ස්ථාවර වීමට පටන් ගන්නා බැවින්, මේ වසරේ දී දීර්ඝ කර ඇති ඩොලර් බිලියන 4 කට ආසන්න මූල්‍ය පහසුකමට අමතරව ශ්‍රී ලංකාවට නව මූල්‍ය ආධාර සැපයීමට ඉන්දියාව සැලසුම් නොකරන බව රොයිටර් පවුත් සේවය වාර්තා කරයි.

Read More

පසුගිය මාස 20ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් ලක්‍ෂ 10 කට අධික සංඛ්‍යාවක් විදේශගත වී ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More

රාජ්‍ය වියදම් අධීක්‍ෂණය කිරීම සඳහා පොලිස්පතිවරයකුට සමාන නිලධරයෙකු පත්කිරීම පිණිස ක්‍රමවේදයක් පිහිටුවීමේ යෝජනාවක් පිළිබඳව සලකා බැලෙමින් පවතින බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවැසිය.

Read More

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අදහස් දැක්වවිමින් ප්‍රකාශ කලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කරන බාහිර මැදිහත්වීම්වලට චීනය විරුද්ධ බවයි.

Read More

කුණ්ඩසාලේ පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ශිල්ප හදාරන ආධුනික පොලිස් නිලධාරීන්ගේ වෙඩි පුහුණුව සඳහා අවශ්‍ය ටී 56 ගිනි අවි සහ පිස්තෝල සමග ඒවාට අවශ්‍ය උණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබු පොලිස් ලොරි රථයක් මහනුවර මහියංගණ මාර්ගයේ 18 වංගුවේ 11 වැනි වංගුව අසල දී පෙරළී ගොස් තිබේ.

Read More

ප්‍රභල පාකිස්තාන කණ්ඩායම ලකූණු 23කින් පරාජයට පත්කරමින් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

Read More

ආසියානු කුසලාන දැල්පන්දු ශූරතාව ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්වූහ. ඒ අවසන් මහ තරගයේදී සිංගප්පූරු කණ්ඩායම 63-53 ක් ලෙස පරාජයට පත්කරමිනි.

Read More

ඒ හේතුවෙන් මේ වනවිට සේවය අතහැරයාමේ නිවේදන නිකුත් කළ වෛද්‍ය වෘත්තියකයන්ගේ ගණන පනහකට වැඩි බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේය. වෛද්‍යවරුන් විදෙස්ගතවීම රටේ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයට තදින් බලපෑම් ඇති කරන්නක් බව කී ඔහු රටේ අහිංසක දුප්පත් ජනතාවට මේ තත්ත්වය තදින් බලපනු ඇතැයි ද සඳහන් කළේය.

Read More

මේ වසරේ ජුලි මාසය හා සැසදීමේදී අගෝස්තු මාසයේදී විදෙස් ශ්‍රමික ප්‍රේෂණ සියයට 16.4කින් ඉහළ ගොස් ඇතැයි විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Read More

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව යෑම වෙනුවෙන් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ කාර්ය භාර කළමනාකරු තහවුරු කළේය.

Read More

සෞඛ්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුවෙන් ස්කොට්ලන්තයේ ඇබර්ඩීන් වතුයායේ බැල්මොරාල් මාළිගයේ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ පසුවූ දෙවැනි එළිසබෙත් මහ රැජින මෙලොව හැර ගියාය.

Read More

මන්ත්‍රිවරු 37ක් රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දුන්හ. මෙම රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයට රාජපක්ෂවරු නියෝජනය කරමින් ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා එක්ව තිබේ. මීට අමතරම ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ චාමර සම්පත් දසනායක, සුරේන් රාඝවන්, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර, ශාන්ත බණ්ඩාර යන මහත්වරුන්ද රාජ්‍ය අමාත්‍යවරු ලෙස දිවුරුම් දී තිබේ. එසේම සමගි ජන බලවේගයේ අරවින්ද කුමාර් මහතාද රාජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස දිවුරුම් දී තිබේ.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරු 36 දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ හෙට (8) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට ඇමෙරිකාව සහාය දක්වන බව ඇමෙරිකාව ප්‍රකාශ කරයි. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ලේකම් ජැනට් යෙලෙන් මහත්මිය සඳහන් කර ඇත්තේ පැරිස් සමාජයේ මූලධර්මවලට අනුව මෙම සහාය ලබාදෙන බවද ඇය සඳහන් කරයි.

Read More

මෙරට දරුවන් සම්බන්ධයෙන් ළමා මන්දපෝෂණය පිළිබඳව “යුනිසෙෆ්” සංවිධානය කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි. මේ සදහා ඔවුන් යොදාගෙන ඇති දත්ත පිළිබදව සෑහීමකට පත්විය නොහැකි බවද සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.

Read More

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම් දි තිබේ.

Read More

ඒ් අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 113කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 4551කි. මීට අමතරව කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහළ දමා තිබේ.

Read More

IMF කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන්, ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9ක පමණ විස්තීරණ අරමුදල් පහසුකමක් සමඟින් රටේ ආර්ථික ප්‍රතිපත්තිවලට සහාය වීම සඳහා මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට පැමිණීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර් ජියෝවා මහත්මිය පැවැසුවාය. මෙය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් බව ඇය සිය ට්විටර් ගිණුමෙන් පැවැසීය.

Read More

සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර දී තිබේ.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ. සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඔවුන් දෙපළ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ගූවන් තොටුපොළේ සිට කොළඹට රැගෙන ගියේය.

Read More

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු අයවැය වැඩි ඡන්ද 115කින් සම්මත විය. එයට පක්ෂව ඡන්ද 120ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 5ක් ලැබුණි.මන්ත්‍රිවරු 43ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.