ආර්ජන්ටිනාව සහ ස්පාඤ්ඤය අතර ඉරිදා පැවැත්වෙන පාපාන්දු ලෝක කුසලාන අවසන් තරඟයේ ජයග්රාහකයින්ට FIFA ලෝක කුසලාන මුදු ප්රදානය කිරීමට නියමිත අතර අවසන් මහ තරගයේ කුසලානය ප්රදානය කිරිමට ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්විමට නියමිතය.
ජයග්‍රාහකයන් වෙනුවෙන් මුදු ප්රදානය කිරීම ඇමරිකානු ක්‍රීඩා සම්ප්රදායක් වෙයි. ලෝක ශූරයින්ට මුදු තිහක් ප්රදානය කරන අතර තවත් මුදු 1,996 ක් රසිකයින්ට විකිණීමට ඇත.
ට්‍රම්ප් අවසන් තරඟයට සහභාගී වන බව FIFA සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ දැනටමත් පවසා ඇති අතර ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් ඒ් බව තහවුරු කර ඇත.
