පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම පැමිණෙයි
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක් දින තරග තුනකින් සමන්විත තරගාවලියක් සදහා සහභාගී වීමට , 07/20 දින රාත්‍රී පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .
ඔවුන් සහභාගී වන එක් දින තරග තුන , එළඹෙන 07/23 , 07/25 සහ 07/28 යන දින වල , හම්බන්තොට සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතය .
මීට අමතරව පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම , ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග , එළඹෙන 07/31 , 08/02 සහ 08/04 දින වල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරග තුනකින් සමන්විත ක්‍රිකට් තරගාවලියකට ද සහභාගී වීමට නියමිතය .
පකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම 07/20 දින රාත්‍රී 10.00 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
