මුල් මාස අටේ අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි
2026 වසරේ මුල් මාස අට තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ප්‍රථම වතාවට අමෙරිකානු ඩොලර් මිලියන 12,000 සිමාව ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, ප්‍රධාන විධායක අධ්යක්ෂ මංගල විජේසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළේය.
එය 2025 වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ අමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමක් බවද පෙන්වා දුන්නේය.
එහිදී මෙම වසරේ මුල් මාස 08 තුළ වෙළඳ භාණ්ඩ අපනයන අදායම අමෙරිකානු ඩොලර් මිලියන 9405ක් සහ සේවා අංශයේ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 2600 සීමාව ඉක්මවා ඇති බවද පැහැදිලි කළේය.
2026 අගෝස්තු මාසයේ ශ්‍රි ලංකාවේ අපනයන කාර්යසාධනය ශ්‍රී ලංකා රේගුවේ දත්ත අනුව අමෙරිකානු ඩොලර් මිලියන 1600 සීමාව ඉක්මවා ඇති බවත් එහිදි වෙළඳ භාණ්ඩ අපනයන අදායම ඇමරිකානු ඩොලර් මිලියන 1269 ක් වන බවත් සේවා අංශයේ අපනයන අදායම අමෙරිකානු ඩොලර් මිලියන 331.87 බවට වර්ධනය වී තිබෙන බවත් සඳහන් කළේය.
පසුගිය මාස 08 තුළ ශ්‍රී ලංකාවේ අපනයන වර්ධනය සම්බන්ධයෙන් කැපි පේන අංශ ලෙස පොල් ආශිත අපනයන ,රබර් ,ඉලෙක්ට්‍රෝනික උපාංග , ආහාර ද්‍රව්‍ය ආදි අංශයන්හි වර්ධනය දක්නට ලැබෙන බවද පැවසිය.
එමෙන්ම මුල් මාස 08 තුළදි කෑපි පෙනනෙ වර්ධනයන් පෙන්නුම් කළ රටවල් ලෙස ඉන්දියාව, චීනය, මෙක්සිකෝව, ඕස්ට්‍රෙලියාව, ජපානය සහ තුරුකිය වැනි රටවල්වල දක්නට ලැබෙන බවද පැවසුවේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

