තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ
පළාත්වලත් ගාල්ලා හා මාතර දිස්ත්‍රික්කවලටත් අදාළ වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. මෙම පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100ක් දක්වා තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද පෙරවර 7ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පෙරවරු 7 තෙක් වලංගු වෙයි.
