2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා කාලය තුළ පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය යාවත්කාලීන කිරිම හේතුවෙන් මෙසේ ඒම සේවා තාවකාලිකව නතර කර ඇත.
මධ්‍යම පළාත, උතුරු මැද පළාත, වයඹ පළාත, දකුණු පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, සබරගමුව පළාත, ඌව පළාත යන පළාත් සඳහා මෙසේ ඒම සේවා තාවකාලිකව නවත්වා තිබේ.
යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කිරීමට නියමිතය.