පළා ගිය ද්විත්ව ඝාතන සැකකරු මාස 4ට පසු අල්ලයි
හැටන් දික්ඔය නගරයේ දිත්ව ඝාතනයේ සැකකරු බන්ධනාගාර නිළධාරින් භාරයේ රෝහල් ගතව සිටියදී මැයි (27) දින පැන ගිය සැකකරු යාපනය නගරයේ සිටියදි යාපනය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් විසින් (02) දින අත්අඩංගුවට ගෙන යාපනය මහේස්ත්රාත් අධිකරණය වෙත (03) දින ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු බන්ධනාගාර නිළධාරින් හරහා හැටන් මාහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස යාපනය මහේස්ත්රාත්වරයා නියෝග කලහ.
මෙසේ යලිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හාලිඇළ ප්රදේශයේ පදිංචි සෙල්වරාජා මනෝජ් නැමති අවුරුදු 37ක් වයසැති එක් දරු පියෙකි. සැකකරු රෝහලෙන් පැන යාමෙන් පසු ගාල්ල ප්රදේශයේ තාවකාලික රැකියාවල නිරතව සිට මීට සතියකට පමණ ප්රථම යාපනය ප්රදේශයට පැමිණ කුලී රැකියාවල නිරතව සිට ඇත.
සැකකරු සම්බන්දයෙන් හැටන් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයේ උ.පො.ප. ආර්.ප්රදිප් මහතා විසින් සැකකරු යාපනය ප්රදේශයේ සිටින බවට තොරතුරු ලැබී ඇති බව යාපනය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඉන්දික අඹේගුණසේකර මහතා වෙත තොරතුරු ලබා දි සැකකරුගේ ඡායාරූපද එම නිළධාරියා වෙත ලබා දී ඇත.
එම ඡායාරූප උ.පො.ප ඉන්දික අඹේගුණසේකර මහතා විසින් යාපනය නගරයේ ඔහුගේ හිතවතුන්ට සහ යාපනය පොලිසියේ නිළධාරින් කිහිප දෙනෙකුට ලබා දීමෙන් පසු සැකකරුට සමාන පුද්ගලයෙකු යාපනය දුම්රිය ස්ථානයේ භෝජනාගාරය අසළ සිටින බවට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ සැකකරු එම ස්ථානයේ පලා ගොස් යාපනය නගරයේ දුරකථන අලුත්වැඩියා කරන ස්ථානයක දුරකථනය අලුත්වැඩියා කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවයි යාපනය පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඉන්දික අඹේගුණසේකර මහතා කියා සිටියේ.
සැකකරුට එරෙහිව අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකට අවශයව සිටි සැකකරුවෙකු බවත්, සැකකරුට එරෙහිව හැටන් සහ නුවරඑළිය අධිකරණයේ විවෘත වරෙන්තු ගණනාවක් තිබු බවද එම නිළධාරියා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
