ෆ්ලයි ඩුබායි නියමුවාට පහරදී ඇත්තේ පොරවක් වැනි ආයුධයකින්
ඊශ්‍රායලය බලා ගමන් කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානයේ පාලනය තමන් අතට ගැනිමට උත්සාහ කළ සහායක නියමුවා එහි ප්‍රධාන නියමුවාට පහර දී ඇත්තේ පොරවකින් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා පවසා තිබේ.
ඩුබායි සිට ටෙල් අවිව් දක්වා පුද්ගලයින් 170 කට වැඩි පිරිසක් රැගෙන ගිය ගුවන් යානයක් මෙම සිදුවීමට මුහුණ දුන්නත් මගීන් ප්‍රහාරකයා අභිබවා ගොස් යානය සාර්ථකව පාලනය කර ගැනීමට සමත් විය.
ප්‍රධාන නියමුවා වූ ඉන්දිය ජාතික ස්මිත් මච්චාර් පහර කෑමෙන් අනතුරුව කෙසේ හෝ නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත්විය. ඉන් අනතුරුව මගීන් නියමු කුටියට පිවිස සහායක නියමුවා ග්රහනයට ගෙන තිබේ.
පසුව ගුවන් යානය ආරක්ෂිතව සෞදි ආරාබියට ගොඩ බස්සවා තිබේ. ගුවන් යානයක් තුළ හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා පොරවක් වැනි ආයුධයක් (crash axe) තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නීතිපතිවරයා රාජ්‍ය මාධ්‍ය වෙත පැවසුවේ සිද්ධියේ සම්පූර්ණ තත්වයන් සහ අභිප්රායන් තීරණය කිරීම සඳහා පරීක්ෂණ දිගටම කරගෙන යන බවයි.
ප්‍රහාරය දියත් කළ සහය නියමුවා ඕමාන් ජාතිකයෙකු බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.රොයිටර්, සීඑන්එන් සහ නිව් යෝර්ක් ටයිම්ස් ඇතුළු බහු මාධ්‍ය ආයතන ඔහු හමාම් අල්-හමාමි ලෙස නම් කර ඇත. මේ පිළිබඳව නිල තහවුරු කිරීමක් නොමැත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
