මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයේ සැරයන්වරයෙකු විසින් 2026.09.26 වන දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවටගත් පුද්ගලයෙකු පසුදින ඇප මත මුදාහැරීම සඳහා යම් අයෙකුගෙන් එම සැරයන්වරයා විසින්ම අල්ලසක් ඉල්ලන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
මෙම සිද්ධියට අදාළව ගම්පහ සහකාර පොලිස් අධිකාරී (04) මහතා යටතේ විමර්ශනයක් සිදුකෙරුණු අතර එමගින් අනාවරණය වූ කරුණු අනුව මේ වන විට අදාළ පොලිස් සැරයන්වරයාගේ වැඩතහනම් කිරීමට කටයුතු කර ඇත. ගම්පහ පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා යටතේ මෙම සිද්ධිය සම්බන්ධව තවදුරටත් මූලික විමර්ශනයක් ක්‍රියාත්මකයි.