saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 169 hours ago

LATEST

බණ්ඩාරගම වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මරුට

calendar_today 2025 අගෝ 21 - 18:45 remove_red_eye - 194  

බණ්ඩාරගම අද පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට ටී 56 ගිනිඅවියකින් වෙඩි තබා මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි දින කිහිපයේද‍ී උතුරු මැද, උතුරු, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායු ‌‌‌ගෝලීය තත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මෙවර වගා කරන්නට යෙදුන දේශීය ලොකුලූණු අස්වනු නෙළීමේ කටයුතු ආරම්භ කොට තිබීම නිසා විදේශීය රටවලින් ගෙන්වන ලොකු ලූණු පාලනය කිරීම සිදු නොකළහොත් වෙනත් වසරවල මෙන් දේශීය ලොකු ලුණු ගොවියාට බරපතළ ප්රශ්නයකට මුහුණ දීමට සිදුවන බව දේශීය ලොකු ලූනු ගොවියෝ පවසති.

Read More

ගෝඨා ගෝ ගම අරගලයට පහරදීමේ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් ධුරයෙන් පහ කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන 27 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ‍ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. ඊයේ දිනයේදි අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පතිවරයා අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

Read More

චීනය සහ ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් මිතුරන් ලෙස කටයුතු කර ඇති බවත් පුරාණ සේද මාවත දිගු කලක් තිස්සේ චීනය හා ශ්‍රී ලංකාවට එකට බැඳ තබා ඇති බවත් ශ්‍රී ලංකාවේ චීන තාපති චී ෂෙන්හොං මහතා පැවැසීය.

Read More

ජාතික විදුලි පද්ධතියේ ස්ථායිතාවය රැක ගැනීම වෙනුවෙන් ගෙන ඇති කෙටි කාලීණ සහ දිගු කාලීන පියවර රැසක් ගෙන ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී හෙළි කලේය. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

Read More

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත්, මහවැලි බි කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයට අනුයුක්ත ජිප් රථයකින් මුව මස් කිලෝ පහළොවක් මාදුරුඔය සිට අරලගංවිල දෙසට ප්‍රවාහනය කරමින් සිටියදී, 21 වෙනිදා සවස ශ්‍රී ලංකා මහවැලි අධිකාරීයේ ඉංජිනේරුවරයකු සහ රියදුරන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි.

Read More

අරලිය ගහ මන්දිරය ඉදිරිපිටදී විශ්‍රාමික මේජර් නිතිඥ අජිත් ප්‍රසන්න මහතාට පහරදුන් බවට චෝදනා කරමින් පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නිදහස් කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අද (21) නියෝග කළාය.

Read More

ගුවන් තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි වංචා, දූෂණ හා අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව මහජනපැමිණිලි, අදහස් සහ යෝජනා කැඳවයි

Read More

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් හිමිපාණන් වහන්සේ සහ කතෝලික රදගුරු සම්මේලනය ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ‌ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

Read More

ලංකාවේ කුරුඳු වලට ලෝක වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තිබෙන බවත් ඒ අනුව කුරුඳු වගාව සංවර්ධනය කිරිමේ අරමුණින් කුරුඳු වගාකරුවන්ට නව තාක්ෂණය හඳුන්වා දිමට පියවර ගෙන ඇති බවත් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ (පාලන) චතුරංග ගුණසේකර මහා පවසයි.

Read More

නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා වත්මන් රජය යටතේ කිසිදු අපහසුතාවයක් නොමැති බවත්, ඒ සඳහා කිසිදු බලපෑමක් නොමැති බවත් නව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අටමස්ථාන නායක හිමිවරුන් හමුවේ කියා සිටියේය.

Read More

ආාමික හා විගාමික පනත උල්ලංඝණය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම හා වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ලංකාවේ රැදී සිටීම යන චෝදනා යටතේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන අ‍ධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළේය.

Read More

මහනුවර දිස්ත්‍රික්කය තුල වගා නොකළ ගොඩ හා මඩ ඉඩම් හෙක්ටයාර් 3122 ක් පවතින බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

Read More

නමුත් අපට කියන්න තියෙන්නේ වසර තිහකට වැඩි කාලයක් එක්සත් ජාතික පක්ෂය සමගි ජනබලවේගය ඇතුළු කණ්ඩායම විපක්ෂයේ හිටියා. දිනන ක‍්‍රියාවලියකට ගමන් කරන බවක් පේන්න නැහැ. අද වනවිට විට විපක්ෂය කොටස් ගණනාවකට බෙදිලා වෙන් වෙලා. අලුත් අවස්ථාවක් රටට ලැබිලා තියෙනවා නව ජාතික එකමුතුවක් යටතේ කිසියම් සන්ධානයක් ඉදිරි කාලයේදී හඳුන්වා දෙන්න.ඒ සඳහා කටයුතු කරනවා.”

Read More

විනිසුරු වරයෙක් ලෙස ලෝකය පුරාම බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත් ඇමෙරිකානු විනිසුරු ෆ්‍රෑන්ක් කැප්‍රියෝ, 2025 අගෝස්තු 20 වන දින වයස අවුරුදු 88 දී අග්න්‍යාශ පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසළ සිට ඩි.එස්. ‍සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළුවන මාර්ගයේ ස්ථානයක ගිලා බැසීමක් හේතුවෙන් රථවාහන ගමනාගමනයට අවහිරතාවක් සිදුව ඇති බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාය පවසයි.

Read More

ලේකයේ සිටින බලවතුන් කිහිප දෙනෙකුමට යුද මානසිකත්වයෙන් පෙළෙන බවත් මානසික රෝගීන් බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. දේශනයක් අතරතුළදී ඔහු මේ බව පැවැසීය.

Read More

නව ත්‍රස්ත විරෝධි පනත කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පත් කළ විද්වත් කමිටුව පසුගිය 18 වැනිදා එම කමිටුවේ සභාපති, ජනාධිපති නීතීඥ, රියෙන්සි අර්සකුලරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී රැස්විය.

Read More

ශාසන විරෝධී භික්‍ෂු සංවිධානයක නියෝජිතයන් පිරිසක් විසින් මහානායක ධූරය ආදී තනතුරු පිහිටුවමින් ඉදිරිපත් කරනු ලබන ධර්ම විනය විරෝධී අදහස් පිළිගැනීමෙන් හා ප්‍රවර්ධනය කිරීමෙන් වළකින ලෙස ත්‍රෛනිකායික ලේඛකාධිකාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේශාසන විරෝධී භික්‍ෂු සංවිධානයක නියෝජිතයන් පිරිසක් විසින් මහානායක ධූරය ආදී තනතුරු පිහිටුවමින් ඉදිරිපත් කරනු ලබන ධලා මල්වතු මහා විහාරයේදී රැස්ව පවත්වන ලද විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටි.

Read More

රුපියල් 70 ක් මිල සඳහන් පානීය ජල බෝතලයක් රුපියල් 200 කට අලෙවි කළ වරාය නගරයේ පුද්ගලික සමාගමකට අධිකරණය මගින් රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් නියම කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

Read More

ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු මිල ගණන් පහළ දැමු බව එම සමාගමේ සභාපති ඩි. නන්දන තිලක මහතා සඳහන් කළේය.

Read More

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයට අදාළව 2025 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනය සහ 2026 වසරට අදාළ පූර්ව අයවැය සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

Read More

නේපාලයේ පැවති ආසියානූ සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ , ලෝක සවි එසවීමේ සම්මේලනයේ ශ්‍රී ලංකා සන්නාම තානාපති රුවන් පෝල් මහතා රන් පදක්කම් 05 ක් සහ රිදී පදක්කම් 01 ක් සහ ඔහුගේ බිරිඳ ලීඩියා පෝල් මහත්මිය රන් පදක්කම් 06 ක් දිනා ගෙන 08/19 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

Read More

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත අවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සහ ජනමත් විචාරණයකින් සම්මත විය යුතු බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ු ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් අද (20) ගොනු කළේය.

Read More

පාස්කු ප්‍රහාරයට අදාළව මහ මොළකාරයා කවුරුන්දැයි සෑම ආණ්ඩුවක්ම දන්නා බවත් නමුත් එම මහ මොළකාරයා සමග කිසිවෙකුටත් සටන් කළ නොහැකි බවත් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

Read More

රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ තනතුර සඳහා අද 20 පැවති නිළවරණයෙන් ඉෂාන් සංඛ මාපිටිගම මහතා තේරී පත්විය.

Read More

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍ර භාවිත කරමින් මැසඩෝනියාව වෙත පළා යාමට තැත් කළ බංගලාදේශ ජාතිකයන් 05 දෙනෙකු 08/20 දින උදෑසන ආපසු හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.