නාවික හමුදාපති මියගිය බව ඉරානය තහවුරු කරයි
ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) තම නාවික අණදෙන නිලධාරි අලිරේසා ටැංසිරි ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් තහවුර කළේය. කෙසේ වෙතත් අලිරේසා ටැංසිරි ඝාතනය කළ බව ඊශ්‍රා යෙලය නිවේදනය කිරිමෙන් දින හතරකට පමණ පසුව ඉරානය මෙම මිය යාම තහවුරු කිරීම කැපී පෙනෙයි.
"ඔහුගේ තුවාලවල බරපතලකම නිසා" තම නාවික හමුදා අණදෙන නිලධාරියා මිය ගිය බව ඉරාන විප්ලවවාදි ආරක්ෂක බළකාය පවසයි.
"සතුරා සම්පූර්ණයෙන්ම විනාශ වන තුරු විවේක නොගන්නා" බව IRGC ප්‍රකාශයේ ප්‍රතිඥා දුන්නේය. IRGC ජ්‍යෙෂ්ඨතම අණදෙන නිලධාරියෙකු වන ටැංසිරි මෑතකදී උපායමාර්ගික හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා ගමන් කිරීම අධීක්ෂණය කිරීමට සම්බන්ධ විය. X හි ඔහුගේ ගිණුමේ සඳහන් වූයේ "ඉරානයට එරෙහිව ආක්‍රමණිකයන් සමඟ සම්බන්ධ කිසිදු යාත්‍රාවකට ඒ හරහා යාමට අයිතියක් නැත" යනුවෙනි.
ඔහු විවෘතව කතා කරන අණ දෙන නිලධාරියෙකු වූ අතර, අතීතයේ දී එක්සත් ජනපදයට සහ ඊශ්‍රායලයට එරෙහිව ප්‍රකාශ කිහිපයක් කර ඇත. 2019 දී ඉරානය සමුද්‍ර සන්ධිය අසලදී ඇමරිකානු නිරීක්ෂණ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළීමෙන් පසු, අනෙකුත් IRGC අණ දෙන නිලධාරීන් සමඟ එක්සත් ජනපද භාණ්ඩාගාරය විසින් ටැංසිරිට සම්බාධක පනවන ලදී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
