කෘෂිකර්මාන්තයට අවශ්‍ය තරම් ඉන්ධන හා පොහොර තියෙනවා
මැදපෙරදිග යුදමය තත්වය හේතුවෙන් කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ ඉන්ධන සැපයීම සහ පොහොර තොග කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවූ බවත් රජය QR කේත ක්‍රමය හඳුන්වා දීමෙන් අනතුරුව ඉන්ධන ගැටලුව විසඳීමට හැකි වූ බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ධම්මික රණතුංග මහතා පවසයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මේ වනවිට මහ කන්නයේ වී අස්වනු නෙළමින් පවතින අතර ඇතැම් පළාත් නැවත වී වගාව ආරම්භ කිරීමට සූදානම් වෙමින් පවතින බව පෙන්වා දුන් ඒ මහතා අස්වනු නෙළිමට අක්කරයකට ඩීසල් ලීටර් 15ක් සහ සීසෑමට අක්කරයකට ඩීසල් ලීටර් 50ක් බැගින් නිකුත් කිරීමට ප්‍ර දේශයේ කෘෂිකර්ම නිලධාරීන්ගේ නිර්දේශය යටතේ ලබා දීමට පියවර ගෙන ඇති බව වැඩිදුරටත් සඳහන් කළේය.
වතුර පොම්ප , ගොවිපළ යන්ත්‍ර සඳහාද යම් ප්‍රමාණයකට ඉන්ධන අවශ්‍ය බව පවසන ඒ මහතා එක් එක් යන්ත්‍රයක අවශ්‍යතාව අනුව ඉන්ධන නිකුත් කිරිමට කටයුතු කර ඇති බවද පැවසීය.එසේම ඉදිරියේදී QR කේතය භාවිත කර ගොවිමහතුන්ට ඉන්ධන ලබා ගැනීමට ක්‍රමවේදයක් ඛණිිජ තෙල් නීතිගත සංස්ථාව එක්ව සකසන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
යූරියා කිලෝ ග්‍රෑම් 50ක පොහොර මිටියක් රුපියල් 9900ත් රුපියල් 10,200ත් අතර මිලකට අලෙවි කිරීමට පොහොර සමාගම් එකඟතාවය පළ කළ බවත් කෘෂිකර්මාන්තයට අවශ්‍ය වන පොහොර තොග කාර්යක්ෂමව සහ විධිමත්ව කළමනාකරණය කර ලබා දීමට පියවර ගෙන ඇති බවත් අනවශ්‍ය ලෙස පොහොර තොග රැස්කිරීමට මේ නිසා නොහැකි බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.එළඹෙන යල කන්නයට අවශ්‍ය පොහොර සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් නිකුත් කෙරෙන අතර මේ වන විට අම්පාර , ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට පොහොර බෙදා දීම ආරම්භ කර ඇති බවද හෙතෙම කීය.
වී වගාවට අවශ්‍ය වන පොහොර වර්ග තුන වන මඩ පොහොර , බණ්ඩි පොහොර සහ යූරියා පොහොර අදාළ දිස්ත්‍රික්කවලට අවශ්‍ය වන ප්‍රමාණයන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තීරණය කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා දිස්ත්‍රික්කවල ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් ලබා ගැනීමට හැකි අතර ඒ අනුව ගොවි ජනතාවට සාධාරණ ලෙස පොහොර ප්‍රමාණයන් බෙදී යන බවද සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
