මත්පැන් පානය කළ යතුරු පැදියක් පැදවු ත්‍රිරෝද රථ රියදුරෙකුට යතුරුපැදි කරුවෙකුට කඩුවකින් පහර දිමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන චෝදනා නවයක් යටතේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් හැට දෙදාහක දඩ මුදලක් නියම කිරිමට මහේස්ත්‍රාත් වරයා නියෝග කළේය.
යුද්ධය අවසන් වී වසර 10ක් පිරීම නිමිත්තෙන් අවසන් යුද්ධය පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය සහ භූමිය ප්‍රදේශවාසීන් විසින් මේ දින වල එළිපෙහෙළි කරමින් සූදානම් කර තිබේ.
Read Moreමෙවර ශ්‍රීපාද සමයේදී ප්ලාස්ටික් බෝතල් ලක්‍ෂ දහයකට අධික ප්‍රමාණයක් හා පොලිතින් කවර විශාල ප්‍රමාණයක් එම භූමියට මුදාහැර තිබෙන බවට වාර්තාවන බව පරිසර යුක්ති කේන්ද්‍රය සඳහන් කරයි.
Read Moreමින් ඉදිරියට ප්‍රචණ්ඩකාරි ක්‍රියා කළොත් පොලීසිය හා ත්‍රිවිධ හමුදාව බලය භාවිත කරමින් ඒවා නතර කිරිමට කටයුතු කරනවා.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreත්‍රස්තවාදය පරාජය කිරීමට කොන්ද පණ නැති,ඊට මුහුණදීමට හැකියාවක් නොමැති සියලු දෙනා ඉවත් කළ යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (14දා) පැවසීය.
Read Moreඅමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක් විසින් අත්සන් කළ විශ්වාසභංග යෝජනාව අද (15දා) ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම වෙත ඉදිරිපත් කිරීමට නියමිත බැව් ’අද’ට වාර්තාවෙයි.
Read Moreකොළඹ මහ නගර සභාව විසින් කොළඹ නගරයේ එකතුවනකසළ බැහැර කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පහත් ඉඩම් ප්‍රදේශ ගොඩකිරීමේ සංවර්ධන මණ්ඩලයටවැඩිපුර රුපියල් මිලියන 150- 200ක් අතර මුදලක් ගෙවා ඇතැයි බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.
Read Moreකොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ තුළදි මරාගෙන මැරෙන බෝම්බය පුපුරවා ගත් වැල්ලම්පිට්ය තඹ කර්මාන්තශාලා හිමිකරු වු කෝටිපති ව්‍යාපාරික මෙහොමඩ් ඊබ්‍රහිම් අහමඩ් නැමැත්තාට ආගමික වතාවත් පැමිණවිම සඳහා පැමිණි බවට සැක කරන පූජකවරයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු බෝම්බකරුගේ බිරිඳගේ කොල්ලුපිටිය මල්පාර සුඛෝපභෝගි දෙමහල් නිවසේදි අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි.
Read Moreකලහකාරී හා නොසන්සුන්කාරී සිද්ධිවලට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මූලස්ථානය විසින් විශේෂ පොලිස් කණ්ඩායමක් පත්කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
Read Moreකොළඹ - ෂැංග්‍රිලා හෝටලයට බෝම්බ ප්‍රහාර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුට අයිත් බවට පැවසෙන මාතලේ - කැටවල හතමුලගාල ගමේ පිහිටි අක්කර 22 ක් පමණ ඉඩම වහාම රාජසන්තක කර එම ඉඩම කසළ ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතියට මාතලේ ප්‍රා‘දේශීය සභාවට පවරා ගැනීමට කටයුතු කරන ලෙස මාතලේ ප්‍රා‘දේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාව ඊයේ (13දා) ඒකමතිකව සම්මත විය.
Read Moreකුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
Read Moreමුස්ලිම් පල්ලිවල කඩු තියෙන්නේ කැලෑ කපන්න බවට තැපැල් හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මහතා කළ බව කියන ප්‍රකාශයට විරෝධය පා පූජාපිටිය ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අද (14 ) වනදා පැවැති එහි මාසික මහ සභා රැස්වීමේදී සභාව තුළ විරෝධතාවයක් පැවැත්වූහ.
Read Moreරටේ ස්ථාන කිහිපයක මතුව ඇති අවාසනාවන්ත ගැටුම්කාරී සිදුවීම් දේශපාලනීකරණය කරමින් තම අවස්ථාවාදී බල ලෝභී වුවමනාවන් මුදුන්පත් කර ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් තවදුරටත් රට අස්ථාවර කරමින් සිටින බවත් ඔවුන් සෑම දිනකම සිදු කළේ ජාතිවාදය, ආගම්වාදය සහ අන්තවාදය තුළ ජනතාව පීඩාවට පත් කරමින් තම බලය රැක ගැනීම වෙනුවෙන් කටයුතු කිරීම පමණක් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read Moreරටේ සාමය හා ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට හා ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය සියලූ බලතල ලබාදී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (14දා) දින කුලියාපිටියේ දී පැවසීය.
Read Moreසමාජය තුල නිවැරදි මතය තහවුරු කිරිමට මැදහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය .
Read Moreශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝටි 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.
Read Moreදරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.
Read Moreඅද රාත්‍රී 9.00 සිට හෙට අලුයම 4.00 දක්වා දිවයිනටම ක්‍රියාත්මක වන පරිදි නැවතත් ඇඳිරි නිතිය පනවා තිබේ. ගම්පහ දිස්ත්‍රික්කයට රාත්‍රි 7.00 සිට හෙට අලුයම 6.00 දක්වාත්, වයඹ පළාතට අද සවස 6.00 සිට හෙට අලුයම 6.00 දක්වාත් ඇඳිරි නීතිය පනවා තිබේ.
Read Moreනව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ
Read Moreමෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
Read Moreමධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාගේ නියෝගයක් මත මධ්‍යම පළාතේ සියළුම මත්පැන්සැල් වසා දැමිමට කටයුතු කළ බව හැටන් සුරාබදු කාර්යයාලයේ නිලධාරියෙකු පැවසිය.
Read Moreශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වූ කිෂු ගෝමස් මහතා ඉන් ඉවත් කර ඒ වෙනුවට එහි නව සභාපතිවරයා ලෙස ජොහාන් ජයරත්න මහතා පත්වීම් ලබා ඇතැයි එම අධිකාරිය පවසයි.
Read Moreමිනුවන්ගොඩ ඇතිවූ නොසන්සුන්තාවයෙන් පසුව එම ප්‍ර දේශය අද දිස්වූ අයුරු..
Read Moreඅද දින (14) පාන්දර නිල්ලඹ හල්ඔය ප්‍රදේශයේදි කළ වැටලීමකදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ සඟවා ගෙන සිටි බෝර දොලහේ ගිනිඅවියක් සමඟ ඒ සඳහා භාවිතා කරන පතරොම් දාහතක් හා රුසියාවේ නිෂ්පාදිත දුර දක්නයක් ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreදේශපාලඥයින් තමන්ගේ ආධාරකරුවන් මේ අවස්ථාවේදී පාලනය කළ යුතු බව අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කරති. අද සවස පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.
Read Moreඇඳිරි නීතිය කඩ කරමින් හැසිරුණු පුද්ගලයන් තිදෙනෙකු බලන්ගොඩ තංජන්තැන්න ප්‍රදේශයේ සැකපිට ඊයේ (13) දා රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව කල්තොට පොලීසිය පවසයි.
Read Moreවයඹ පළාතට පනවා ඇති පොලිස් ඇඳිරිනිතිය අද පස්වරු 4.00ට ඉවත් කරන බවත් නැවතත් වයඹ පළාතට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
Read Moreඉමදුව ප්‍රාදේශිය සභාවේ රැස්වීම අද (14) පැවති අවස්ථාවේ දී සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීනි රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශිය සභා රැස්වීම උණුසුම් විය.
Read More