කුලියාපිටිය පහරදීමට හේතුව මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරිමේ ගැටලුවක්
කුලියාපිටිය අවට ප්‍රදේශවල සිදු වූ අවාසනාවන්ත සිදුවීම්වලට මූලික හේතුව වී තිබෙන්නේ අවට මුස්ලිම් ගම්මාන පරීක්ෂා කිරීම පිළිබඳ ඇතිවූ ගැටලුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් සිංහල ජනතාව පහරදෙනු ඇතැයි බියෙන් හා සිංහල ජනතාවට මුස්ලිම් ගම්මානවල සිටින පිරිස් පහරදෙනු ඇතැයි බියෙන් පසුවන බවද හෙතෙම පවසා සිටියේය.
බුද්ධි අංශ තොරතුරු මත නිවාස දෙක තුනක් පරීක්ෂා කිරීම සිදු කරන බවත්, මෙම තත්ත්වය නිසා සිංහල ජනතාව විවිධ සැක සංකා මතුකර ගෙන සිටින බවත් ඔහු කියා සිටියේය.
මෙම ගැටුම්කාරී තත්ත්ව වැළැක්වීම ප්‍රදේශයේ මන්ත්‍රීවරයා ලෙස විශාල උත්සාහයක් ගත් බවත්, එහෙත් අතිවිශාල පිරිසක් එක් රැස්වී සිටි නිසා පිරිස පාලනය කර ගැනීමට නොහැකි වූ බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ නිසා ජනතා කොටස් දෙක අතරේම ඇති වී තිබෙන අවිශ්වාසය දුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද අද (14දා) දින පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහලේකම්වරයා පවසා සිටියේය.

popular news
-
chandana Wednesday, 15 May 2019 06:41 AM
ඔයා හිතාගෙන ඉන්නේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද මදුමදවත් ඔයටවදා හොදට බොරුකිව්ව මතක තියාගන ඉන්න කොළපාටින් නිල්පාට උන දවසේ ඉදන් ඔයාට මොන තනතුර ලේබුනත් ඔයා පිරිහුණා පච උනා බලු උනා කොලපාට ජනතාවගේ සා පය ඔයාට හොදට වෙදුනා පිරිහුණා අසාර්ථක දුෂිත පාලකයා බලය ගන්න කරන එකම උපක්ක්රමේ ජාතිවාදේ වපුරවා බලයට පෙමිනිම අද හෙරි බලන්න ඔබට සිදිවුණු දේ ඔබ වෙටුණු තෙන
Reply : 0 9
Kumar Wednesday, 15 May 2019 07:05 AM
මෙදින ලංකාවේ මැරයෝ කිහිපදෙනෙක් නිසා මුළු රටටම හානි සිදුවෙනවා. ඉස්ලාමිය බක්තිකයන්ගේ දේපොලවල කොල්ලකන්නෙ වටිනා දෙය සොරකම් කිරීමට සහ තමන්ගේ පරණ කෝන්තර නිසා මිසක් ලංකාවට තිබෙන ආදරය කියා හිතන්න අපහසුයි. මේ වනිදේය නිසා බොහෝදෙනාට ජිවන උපායක් නැතිව යාහැක.
Reply : 0 0
Ranjan Wednesday, 15 May 2019 10:56 AM
ඔබ ragapanawa nedha....?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

