සන්සුන්වට කටයුතු කරන්න - ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි
පෞද්ගලික අභිමතාර්ථ හා ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් මහජනතාව මෙහෙයවමින් මෙම අවස්ථාවේදී යම්කිසි පිරිසක් කටයුතු කරන බව පෙනීයන බවත්, ඒ බව තේරුම්ගෙන ජනතාව සන්සුන්ව කටයුතු කළ යුතු බවත් ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමිපාණෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ, කොළඹ අගරදගුරු නිල නිවසේ අද (14දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එසේම මෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.
"මේ අවාසනාවන්ත සිදුවීම සිදුවෙලා දවසක් දෙකක් ඇතුළත කාදිනල්තුමත්, මමත් අදහස් ප්‍රකාශ කළා. එය රටේ ජනතාව පිළිගෙන දවස් තුන හතරක් යනකන් සාමකාමීව කලබලකාරී නොවී සිදුවුණ දේ ගැන සිතමින් ජීවත්වුණා. එය ඉතාම වටිනාවා. ජනතාවගේ නිහඬ බව, ඉවසීම අපි බොහෝම අගය කළා. නමුත් දැන් මේ ප්‍රහාරය සිදුවී දවස් විස්සක් ඉක්මවා ගිහින් තියෙනවා.
ඉන්පසු ආයෙත් ටිකෙන් ටික යම්යම් ප්‍ර‘දේශවල මේ කාරණා මුල් කරගෙන ගැටුම්කාරී තත්ත්වයක්, කලකෝලහාල, කැඩුම් බිඳුම්, ගහ බැණ ගැනීම් වැනි දේවල් සියල්ල සිදුවන බව පේනවා. මෙතනදී අපට නොයෙක් අංශවලින් කල්පනා කරන්න සිදුවෙනවා.
ඇයි මේ සතියක් හමාරක් නිශ්ශබ්දව සිටි ජනතාවම ආයෙත් සැරයක් මේ තත්ත්වයට පත්වෙලා තියෙන්න හේතුව මොකක්ද? කවුරුහරි මොවුන්ව මෙහෙය වනවාද? සංවිධානාත්මකව මෙහෙය වනවාද? දේශපාලන කණ්ඩායම් මේ ජනතාව මෙහෙය වනවාද? පෞද්ගලික අභිමතාර්ත, පෞද්ගලික අපේක්ෂාවන් ඉටුකරගන්න යම්යම් සංවිධාන ජනතාව මෙහෙය වනවාද? අපට පසුගිය දින කිහිපයේ ප්‍රදේශ ගණනාවක යම්යම් සිද්ධි වාර්තා වුණා.
ජීවිතත් එකක් පමණ හානි වෙලා තියෙනවා කියලා අපට ආරංචි වෙනවා. මේවා සිදුවීම යටින් වෙනත් පිරිසක් ඉන්නවා. හැම සිදුවීමක් පිටුපසම අවාසනාවන්ත පිරිසක් ඉන්නවා. ඔවුන් පසුබිමේ ඉඳගෙන වෙනත් අභිමතාර්ථ, ලාභ ප්‍රයෝජන, පෞද්ගලික අපේක්ෂාවන් සඳහා ජනතාව මෙහෙය වනවා. එයින් සිදුවන්නේ ඉතාමත් නරක හා අවාසනාවන්ත ප්‍රතිඵල ඇති වීමයි. දැන් ඇති වී තිබෙන මේ තත්ත්වය ජනතාව තේරුම් අරන් සන්සුන්ව තැන්පත්ව නිදහසේ සාමකාමීව සිටිය යුතුයි. අපි මේ ගැන සෙවිය යුතුයි. කවුද මේවට මුල්වෙලා ඉන්නේ කියලා සෙවිය යුතුයි" යැයි පවසා සිටියහ.
ඡායාරූප ඉසුරු පෙරේරා







popular news
-
Champa Tuesday, 14 May 2019 06:13 PM
මිනිස්සුන්ට සන්සුන් වෙන්න කියන්න අවශ්‍ය නැහැ හාමුදුරුවනේ, ඉස්සර වගේ. මිනිස්සු සන්සුන්. නොසන්සුන් වෙලා ඉන්නේ දේශපාලකයන්. පුළුවන් ඔවුන්ට කියන්න රටේ නම කන්නේ නැතුව සන්සුන් වෙන්න කියල. පොඩ්ඩක් අර හානි කරලා තියෙන පින්තූර බලන්න. ඒ වගේ මහා විශාල හානි සාමාන්‍ය ජනතාවට කරන්න පුලුවන්ද? මේක පිටිපස්සේ පාර්ශව කීපයක් ඉන්නවා. ගහපු ගමන් ආණ්ඩුව වන්දි ගෙවන නිසා එව්වා ගන්නත් පිරිස් ඉන්නවා. එතකොට බෞද්ධයන්ට වෙසක් සමරන්න නොදී ඉන්න පිරිසකුත් ඉන්නවා. ඊළඟට මේක උඩ ජනාධිපතිවරණෙ කල් දාගන්න දඟල පිරිසකුත් ඉන්නවා. ඊළඟට තමන්ම තමන්ගේ දේපල වලට හානි කරගෙන ජාත්‍යන්තර අනුකම්පාව ලබා ගන්න හදන ජාතියකුත් ඉන්න.
Reply : 0 0
chandana Wednesday, 15 May 2019 08:22 AM
හරි ශෝක් දිනකට කලින් ජාතිවාදී පොර ටෝක් දීලා රට ගිනි ගත්තට පස්සේ අද නිමපියෝ කියලා මද්දිය සංදර්ශන බුදුබණ මතක නෙත්නම් මනුස්සත්වය ගෙන කාදිනල් තුමාගෙන් වත් ඒගෙන අහ ගන්න ජාතිවාදය ආගම්වාදය වපුරව බලය ගන්න දෙස පාලකින්ට කඩේ යන බික්ෂුන් අග්ගික් කන්දෝ සුත්ත්රය කියවා ගන්න පවට බය නෙති බික්ෂුව රටටම විනයක්උතුම් සාසනේට විනාසයක් ඔවුන් සතර අපායට යන්නේ තම දායකයොත් නොමග යවලා ඔවුන් සමග වීමි කෙදවචකේ...... මිනිස්සු වෙදිපුර බල්ලෙක් පුසෙක් සිටියොත් උගෙන් කරදරෛ නම් දන්නේ පන්සලට දුප්පත් මිනිස්සු වෙදිපුර කොල්ලෙක් අසුබ දරුවෙක් පවලට විනයක් වුන එක දමන්නේ සාසනේට පස්සේ උ රටටම විනයක්ස වෙනවා සාසනේට විනාසයක් අර්රිය් මගට පිවිසෙන බික්ෂුව සසුනට එන්නේ කරුණු 6 ගෙන කලකිරී සද්දහවෙන් එනිසා එදා සාසනේ දිඋනු උන අද මෙලෝ දෙයක් නොදත් කොල්ලෝ කුර්ට්ටෝ මහන කලාම රටට සාසනේට මෙහෙම වෙනවා රට ගිනි තියන්න උතුම් බුදුන්ගේ නාමය පාවිච්චි කරනවා
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

