මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ තිබි උපකරණ සොයා ගනි
අද දින (14) පාන්දර නිල්ලඹ හල්ඔය ප්‍රදේශයේදි කළ වැටලීමකදී මුස්ලිම් ව්‍යාපාරිකයෙකු ළඟ සඟවා ගෙන සිටි බෝර දොලහේ ගිනිඅවියක් සමඟ ඒ සඳහා භාවිතා කරන පතරොම් දාහතක් හා රුසියාවේ නිෂ්පාදිත දුර දක්නයක් ගලහ පොලීසියේ නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ගලහ පොලීසිය මගින් ගලහ දෙල්තොට ප්‍රදේශයේ දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර නිල්ලඹ ප්‍රදේශයේ සිදුකල මෙහෙයුමේදී මෙම උපකරණ සොයා ගෙන ඇත.
සැකකරු වැවිලි කේෂ්ත්‍රයේ ව්‍යාපාරික කටයුතු වල නිරත වන්නෙකි.
ඔහුගේ නිදන කාමරයේ මෙම ගිනිඅවි සඟවාගෙන ඇත.
සැකකරු අද දින මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

popular news
-
Dayan Tuesday, 14 May 2019 04:17 PM
මේක ප්රවුතියක් ද?ගිනි අවි සඟවාගත් මිනිසුන් මේ රටේ කොතෙකුත් ඉන්නවා. මේවා තමන්ගේ ආරක්ෂාවට සහ බයට තියාගන්නේ. කෙසේවෙතත් ලංකාවෙන් නීති විරෝධී ගිනි අවි අත් අඩංගුවට ගත යුථුඉ. අවි මුක්ත රටක් වීම ඉතාම යහපත්.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

