හොඳ මිනිසුන් නිහඬයි - ටිල්වින්
සමාජය තුල නිවැරදි මතය තහවුරු කිරිමට මැදහත්විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසිය.
මාතරදි පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසිය .
අපට තියෙනවා ප්රධාන රාජකාරියක් සිදුකිරිමට . එක තමයි මුහුණු පොතේ ඉන්නවා පණ් ඩිතයෝ ටිකක් ආචාර්යවරු , මහාචාර්යවරු වගේ මත පලකරනවා . හරි ලේසියි රු100 කාඩ් එකක් විතරයි යන්නේ .
අර කතාවක් තියෙනවනේ දෙවියන් පය ගහන් නැති බිමේ මෝඩයෝ පිනුම් ගහනවා කියලා . ඒවයින් තමයි මත නැගෙන්න පටන් ගන්නේ .
තේරුමක් තියෙන සමාන්ය ජනතාව නිදහසේ ඉද්දි තේරුමක් නැති මෝඩයන් පිරිසක් මත ඉදිරිපත් කරනවා . ඒ අයගේ මත හඬ බවට පත් වෙනවා . මට මතක් වෙනවා කලූ ජාතික නායකයෙක් කියපු කතාවක් ඔහු කිව්වේ අපේ යුගයේ තිබෙන ඛේදවාචකය නපුරු මිනිසුන්ගේ නපුරුකම් නොව හොඳ මිනිසුන්ගේ නිහඬ බවයි කියලා . එයයි අද වෙලා තියෙන්නේ ’’ යැයි ඔහු පැවසිය .
තාමත් හොඳ මිනිස්සු නිහඬ වෙලා ඉන්නවා . කවුද එතකොට හඬ නගන්නේ නපුරු මිනිසුන් පමණයි . ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ විදියට අපට වගකිමක් තියෙනවා මේ තත්ත්වය හොඳට තේරුම් ගෙන සමාජය තුළ නිවැරදි මතය තහවුරු කරන්න අප මැදිහත් වෙන්න ඕන . එකවර පිළිනොගනියි. නමුත් අසල්වැසියන් , මිතුරුන්ට මේක පැහැදිලි කරන්න මොකද අපේ සමාජය බහුතරය ජාතිවාදියි එකයි මම කියන්නේ ’’ යැයි සිල්වා මහතා තවදුරටත් පැවසිය .
මාතර - මහේෂ් මලවරආරච්චි

popular news
-
shan Tuesday, 14 May 2019 06:23 PM
1971 ඉදල උබල රටේ ජනතාවට දෙසා බවේ කුණුහරුප මිස වෙන මොනවද රටේ ජාතික දනය ගිනිතියල මහදවල් බැංකු මංකොල්ල කපු උබල කවද රටට ජාතියට වැඩක් කලේ උබල තරම් අවස්ථාවදියෝ කුහකයෝ මේ රටේ වෙන කිසිවෙක් නැහැ උබලගේ මහා එකාගේ උම්මත්කකම නිසා රටේ අහිංසක ජීවිත 70000 විතර රටට අහිමි උනා දැන් එනවා රටට බන කියන්න එදා කටුනායක ජීවිතයක් බිලිගන්නා අවැසි සියලු දී කලේ උබල අදත් උබල යටින් මොනවා කරනවද කියල තම කියන්න බැහැ හොදට මතක තිය ගනින් ටිල්වින් උබල තම ශ්රීලංකාවට ත්රස්තවාදය ගෙනාපු පළමු ත්රස්තවාදී කණ්ඩායම උබල හොද මිනිස්සු කියල ලෝකෙට හුණු ගන්න හැදුවට උනාල කවුද කියල රටම දන්නවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

