කඩුවකින් පහර දිමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
මත්පැන් පානය කළ යතුරු පැදියක් පැදවු ත්රිරෝද රථ රියදුරෙකුට යතුරුපැදි කරුවෙකුට කඩුවකින් පහර දිමට තැත් කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන චෝදනා නවයක් යටතේ පානදුර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් හැට දෙදාහක දඩ මුදලක් නියම කිරිමට මහේස්ත්රාත් වරයා නියෝග කළේය.
ඊට අමතරව මාස තුනකට සිර දඩුවමක් වසර පහකට අත්හිටුවිමටද වැඩිදුරටත් නියෝග කළේය.මෙලෙස දඩ නියම වුයේ ගම්මන්පිල කහටගහහේන පදිංචි නුවන් සංජිව පෙරේරා නැමැත්තෙකුටය.
සැකකරු මත්පැන් පානය කිරිමෙන් අනතුරුව කඩුවක් රැගෙන යතුරු පැදියකින් විදාගම සිට විදියගොඩ දෙසට යමින් සිටියදි යතුරු පැදිය පාලනය කර ගත නොහැකිව වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියක හා ත්රිරෝද රථයක ගැටි ඇතැයි පොලීසිය පවසයි.
එම අවස්ථාවේදි සැකකරු ආවේගයෙන් අතළඟ තිබු කඩුවෙන් යතුරුපැදියේ හා ත්රිරෝද රථයේ හිමිකරුවන් දෙදෙනාට පහර දිමට උත්සාහ දාරා ඇති අතර ඔවුන් දෙදෙනා දැඩි පරිශ්රමයක් දරා බේරි ඇතැයි පොලීසිය පවසයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
