කඩුවක් නිසා උණුසුම් වු ප්‍රා. සභාව
ඉමදුව ප්‍රාදේශීය සභාවේ රැස්වීම අද (14) පැවති අවස්ථාවේ දී සභා රැස්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීනී රේණුකා සංජීවනී මහත්මිය කඩුවක් රැගෙන ඒම නිසා ඉමදුව ප්‍රාදේශීය සභා රැස්වීම උණුසුම් විය.
ඉමදුව ප්‍රාදේශීය සභාව එහි සභාපති ඒ.වී. සරත් කුමාර (පොදුජන පෙරමුණ) මහතාගේ ප්‍රධානත්වයෙන් ඉමදුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී රැස් වු අතර එහිදී සභාව පැවැත්වෙමින් තිබු අතරතුර එක්වරම රේණුකා සංජීවනී (පොදුජන පෙරමුණ) මන්ත්‍රීවරිය කඩුවක් ගෙන විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පෙන්වන්නට විය.
මේ අතර ෆේස්බුක් තහනමට සහ ත්‍රස්තවිරෝධී පනතට විරෝධය පල කිරීම සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු සභාවට පැමිණියේ කළු පටි සහ කළු සාටක පැළඳගෙනය.
කඩුව රැගෙන ආ රේණුකා සංජීවනී මන්ත්‍රීවරිය -
“අද මේක හරි ජනප්‍රියයි. මේකෙන් මොකක්ද දන්නවද කරන්නේ තණකොල කපනවා. ආ මේ බලන්න. ඔබතුමියලගේ පක්ෂයේ සමහර ඇමතිවරු කියන්නේ මේකෙන් තණකොළ කපනවා කියලා. අනිත් ඇමතිවරු කියනවා මේක ගෑණු ළමයින්ගේ ආරක්ෂාවට කියලා.
එජාපයේ ඇමතිවරුන් කියන විදියට නම් අපිට පුළුවන් කඩුවක් අරන් යන්න.රේණුකා සංජීවනී මන්ත්‍රීවරිය මෙසේ ප්‍රකාශ කරමින් කඩුව විපක්ෂය දෙසට පෙන්වීමත් සමඟින් විපක්ෂයේ එජාප මන්ත්‍රීවරියන් හා එක්සත් ජාතික නිදහස් පෙරමුණේ අරුණ මන්ත්‍රීවරයා ඇතුළු පිරිස විරෝධය පළ කිරීමත් සමඟ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද නැවත විපක්ෂ මන්ත්‍රීවරුන්ට විරෝධය දක්වන්නට විය.
හිනිදුම - රවින්ද්‍ර ශ්‍රිලාල්

popular news
-
chathuri Tuesday, 14 May 2019 06:03 PM
මේ ගැනී සුදුසාරිය. ඇඳගෙන කඩුව. අරන් ආවේ රජ්ජුරුවෝ සනසවන්න. වෙන්න. ඇති. ,ගැනියෙක්. කරන දෙයක්ද මේ. හතර පෝයට සිල් ගන්න , පව් ඇත්තටම. කඩුව බෙල්ල. ලගට තියපු. දවසට. කවුරුත්. නැහැ ලග , රජ්ජුරුවොත් නැහැ , තරුණ. ළමයින්ට ආදර්ශයක් වෙනදෙයක්. කරන්න. මේ. වෙලාවේදී ගොන්පාට් දමන. වෙලාවක් නෙමෙයි දැන් , නායකයොත් ගිනිතියමින්. කතා. මවනවා එලදෙන්නුත් කඩු අරගෙන. පස්සෙන්. යනවා. ,තමන්ගේ දරුවෝ. කීදෙනෙක් හිර ගෙදරද. මේ වෙනකොට. ගහේ කටු උල්. කරන්න අවශ්‍ය. නැහැ නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

