ජනපති - අගමැති එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් දිය යුතුයි
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් එක් මතයක සිට ජනතාවට පණිවිඩයක් ලබාදිය යුතු බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
කථානායකවරයා ලෙස විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“අතිගරු ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මා යළිත් වරක් කියන්නේ එක මතයක සිට ජනතාවට පණිවිඩයක් දිය යුතු බව. ආරක්ෂක තත්ත්වය ගැන දිනපතා ආරක්ෂක ලේකම්, පොලිස්පති සහ හමුදා ප්‍රධානීන් එකට සිට කරුණු පැහැදිලි කළ යුතුයි.
ජනතාව විශ්වාසය ඇති කළ හැක්කේ එවිටයි. ගිනිදැල් මෙන් පැතිරයන කට කතා නැවැත්තිය හැක්කේ එවිටයි. මෙතෙක් ප්‍රකාශ වූ සෑම කට කතාවක්ම අසත්‍ය බව තහවුරු වුණා.
සියළු රට වැසියනට කථානායකවරයා වශයෙන් මාගේ ආයාචනය වනුයේ රටේත්, ඊළඟ නූපන් පරපුරේ අනාගතය 83 දී මෙන් නැවතත් අඳුරට ඇද නොදමන ලෙසයි.
මුස්ලිම් දේවස්ථානවලට පහර දීම, නිවාස හා කඩසාප්පු ගිනි තැබීම, අහිංසක මිනිස්සුන්ට පහර දීම කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැකියි.
මෙම ක්‍රියාවන් සිදු කරන්නේ පැහැදිලිවම රට තවත් අගාධයකට යොමු කිරීමටයි. රටගැන හැගීමක් ඇති කිසිම කෙනෙකුට මෙවැනි දේ කළ හැකි යැයි මා විශ්වාස කරන්නේ නැහැ.”

popular news
-
Yasapala Ponnamperuma Tuesday, 14 May 2019 03:21 PM
ඔබගේ අදහසට මා එකග වෙමි
Reply : 0 4
Champa Tuesday, 14 May 2019 06:23 PM
ජනතාව කීයටවත් ජනාධිපති අගමැති කියන දේ පිළිගන්නේ නැහැ. ඇඳිරි නීතිය තියෙන කොට මුස්ලිම් පල්ලි සහ ගෙවල් වලට හානි කරන්නේ කවුද? ආණ්ඩුවේ මැරයන් සහ මුස්ලිම් මිනිස්සුම තමයි ඒවා කරන්නේ. ඊළඟට පාරේදී අහු වෙන්නේ දේශපාලකයන්ම දාපු අනිත් පිරිස්. ජනාධිපති අගැමති දෙන්නම එකතු වෙලා ජනාධිපතිවරණෙ නොතියන්න සැලසුම් කරනවා. ඉස්සෙල්ල මරාගෙන මැරෙන බෝම්බ ගැහැව්වේ ජනාධිපති රට ඉන්න කොට. දැන් මේ ගැටුම් ඇති කරන්නෙත් ජනාධිපති රට ඉන්න කොට. මේ දෙකේ සම්බන්දෙ නොතේරෙන්න තරම් මෝඩයෝ ලංකාවේ නැහැ. 13 බෝම්බ පිපිරෙනවා කියල මහා කතාවක් මුලින් ප්‍රචාරය කළා. පස්සේ තේරුණා බෝම්බ පිපිරෙව්වොත් හව් වෙන්නේ ආණ්ඩුවමයි කියල. ඒ හින්ද ඒක අතැරලා මේක පටන් ගත්ත.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

