saravita-anim2

2026 මාර්තු මස 04 වන බදාදා

2026 මාර්තු මස 04 වන බදාදා

Latest News - timelapse 10819 hours ago

LATEST

විපක්ෂනායක මහින්ද කොළඹ පාසල්වලට යයි

calendar_today 2019 මැයි 21 - 11:28 remove_red_eye - 2011  

මහින්ද රාජපක්‍ෂ මහතාද පුද්ගලිකවම මැදිහත් වෙමින් අද පෙරවරුවේ කොළඹ හා ඒ අවට පිහිටි තර්ස්ටන්, රාජකීය, විශාකා, හින්දු විද්‍යාලය, ආනන්ද, නාලන්ද, ගෝතමී යන පාසල්වලට ගොස් පාසල් ළමුන්, දෙමාපියන්, ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හා ආරක්‍ෂක නිලධාරීන් සමඟ අදහස් හුවමාරු කර ගනිමින් පාසල් හා ඒ අවට ආරක්‍ෂක තත්වයන් සොයා

වත්මන් ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පෙරවරු 10ට කථානායක කරු ජයසූරිය මහතාට බාර දීමට නියමිතව තිබුණි.

Read More

විදේශ ගමන් බලපත්‍ර 28ක් නීති විරෝධී ලෙස තම සන්තකයේ තබාගෙන සිටි මුස්ලිම් ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත්ව තිබේ.

Read More

කොච්චිකඩේ, ඕවිටියාව මා ඔය අසළ කැලෑ ප්‍රදේශයක සඟවා තිබූ සිම් කාඩ් පත් 1475ක් සොයාගත් බව පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව කඩා වැටුණු සාමාන්‍ය ජන ජීවිතයේ කටයුතු යළිත් යථා තත්ත්යට පත්වෙමින් තිබේ. ඒ අනුව අද දිනයේදී සාමාන්‍ය පරිදි රාජ්‍ය හා පෞද්ගලික සේවක සේවිකාවන් සේවයට වාර්තා කළේය.

Read More

ඇතැම් භික්ෂූන් වහන්සේලා බුද්ධ ධර්මයට පිටින් කටයුතු කරන බවට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ උවමනාවකට බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පාසල්වල ආරක්ෂාව සඳහා CCTV කැමරා සවි කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

Read More

තහනම් කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයේ නායකයා වූ මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා යටතේ කුරුණෑගලදී අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු සේවකයා කුරුනෑගල අලකොල පැවැති පුහුණු කඳවුරකට එක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

Read More

ෂරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය නොදීමටත් මද්‍රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යංශය යටතට ගෙන ක්‍රියාත්මක කිරීමටත් පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව පැවසීය.

Read More

ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදි වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් 19 දින සහ 20 දින පවත්වන්නට යෙදුණහ .

Read More

පසුගිය කාලයේ අතන පුපුරනවා මෙතැන පුපුරනවා හෙට ගහනවා අනිද්දා පාසැලට ගහනවා කියලා නොයෙක් විදියේ බය කළේ සහරාන්ගේ කණ්ඩායම නොව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.

Read More

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ නායකයා වූ ත්‍රස්තවාසී සහ්රාන් හෂීම් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තක නිලධාරියා දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කුරුණෑගල පොලීසියට අවසර ලබා දී තිබේ.

Read More

තම දරුවන් දෙදෙනා තාමත් අවුරුදු 3 හමාරක හා දෙක හමාරක දරුවන් බවත් ඔවුන්ට තාම පාසල් යෑමට නොහැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසිය.

Read More

දුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී සිදුවූ දුම්රිය අනතුරේ, ප්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව අද (20දා) අළුයම සාර්ථකව නිම කළහ.

Read More

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කළ බවට ඇතැම් වෙබ් අඩවි තුළ පළවන වාර්තාවන් අසත්‍ය බව බොදු බල සේනා සංවිධානය සඳහනන් කරයි.

Read More

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයට සම්බන්ධව සැකකරුවන් 89ක් මේ වන විට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරයි.

Read More

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් වහබ්වාදය ශ්‍රී ලංකාවේ පැතිරවීම නවතා දැමිය යුතු බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

Read More

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංගයෙදී තමන් ඊට පක්ෂව ඡන්දය ලබා දීමට තීරණය කල බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවසිය.

Read More

මාතර, මිරිස්ස ධිවර වරායෙන් මුහුදු ගිය ‘‘රන් මැණිකා’’ බහුධින යාත්‍රාවේ ධිවරයන් පස් දෙනෙකු පාකිස්ථානු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම ධිවරයන්ගේ ඥාතීහු පවසති.

Read More

බලන්ගොඩ සමනලවත්ත දස හැවිරිදි සහන් කුමාර ධර්මසිරි දරුවා අතුරුදහන් වී අද (20) දා දිනට මාස 10ක් ගත වී ඇතත් එයට අද වනවිට ළමයා සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බව බලන්ගොඩ පොලීසිය පවසයි.

Read More

ඔක්තෝම්බර් මාසයේදී ජනාධිපතිවරණය ප‍්‍රකාශ කරයි. එදාට ජනතාවට අවස්ථාවක් ලැබෙයි. එතකං මේ ආණ්ඩුව පෙරළන්න, වෙනස් කරන්න කලබල වෙන්න ඕනේ නැහැ.

Read More

මා මේ අවස්ථාවේදි සියලුම දෙමාපියන්ගෙන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සපයමින් ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ ප්‍රමුඛතම කාර්යක් ලෙස සළකා ආරක්ෂාව තහවුරු කිරිමට පියවර ගෙන ඇති නිසා අනියත බියකින් තොරව දරුවන් පාසල් වෙත යැවීමට කටයුතු කරන්න

Read More

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිට ඇති බව පාකිස්තානය මාධ්‍ය වාර්තා කරයි.

Read More

අනුරාධපුර නව බස් නැවතුම්පළේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

ආනවිලුන්දා අභය භූමිය මැදින් මුතුපන්තිය ධිවර ගම්මානයට ගමන් ගන්නා මාර්ගයේ ඇළක සඟවා තිබු ගිනිඅවි සඳහා භාවිතා කරනු ලබන ජීව පතොරම් තොගයක් ආරච්චිකට්ටුව පොලීසිය විසින් ඊයේ ( 19 ) සොයා ගෙන ඇත.

Read More

ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බවද ඔහු පවසයි.

Read More

රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

Read More

ජනපතිවරයා එසේ තම නිලකාලය පිළිබඳව මතය විමසීමට අපේක්ෂා කරයි නම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් බවද ඔවුන් සඳහන් කරයි.

Read More

සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට සීගිරිය කෞතුකාගාරයේ සිට ඉපැරණි කසුප් රජ දවස සීගිරි පැවති ආකාරය තාක්ෂණික සජීවිකරණ ත්‍රිමාන රූප රාමු හරහා දැක බලාගැනීමේ අවස්ථාව මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් උදාකර දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.