විපක්ෂ මන්ත්‍රීවරුන් පාසල් යෑමට තීරණය කිරීම සතුටුයි
කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් සිසුන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉඩ තැබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බවද ඔහු පවසයි.
පාසල් නැවත ආරම්භ කොට දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට තමා කටයුතු කරන විට එයටද විවිධ බලපෑම් එල්ල කළ කණ්ඩායම් විසින්ම තමන්ගේ තීරණය අගය කරමින් සිටීම සතුටට කරුණක් බවද ඔහු පැවැසීය.
පෙරේදා (18දා) අමරපුර සංඝ සභාවේ මහනායක ,ධර්මපාල වංශාලංකාර සද්ධර්ම කීර්ති ශ්‍රී ති‍්‍රපිටක විශාරද අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසීම සඳහා ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසිය..
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් හෙට (21දා) ආරක්ෂාව තහවුරු බව පෙන්වමින් පාසල් වෙත යාමට සූදානම් වන බවත් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගේ මතය කුමක්දැයි මෙහි දී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේය.
සියල්ලටම එක්වී රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිනම් හැකි නම් ඒ පිළිබඳ තමන් ද සතුටට පත්වන බවද ඔහු සඳහන් කළේය.

popular news
-
chathuri Monday, 20 May 2019 05:01 PM
නියම බේබිලා නාකින් නැළවෙනවා කියන්නේ. මේවට නාමල් බේබිට ,විමල් හමුට පාසල් දරුවන්ගෙන් විනය ඇතුළු ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් , ඔය සියලු දෙනාම 10 වෙනි පන්තියේ. සිසුන් පන්තියට අරින්න ගණිත ගැටළු විසදන්න , හෙට. විපක්ෂයේ කට්ටියට එළිවෙනකොට අතීසාරය කියල වෙන දවසක්. යොදාගනියි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

