පසුගිය කාලයේ අතන,මෙතන පුපුරනවා කියලා බය කළේ සහරාන් නොව ඒකාබද්ධ විපක්ෂයයි
පසුගිය කාලයේ අතන පුපුරනවා මෙතැන පුපුරනවා හෙට ගහනවා අනිද්දා පාසැලට ගහනවා කියලා නොයෙක් විදියේ බය කළේ සහරාන්ගේ කණ්ඩායම නොව ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම බව එක්සත් ජාතික පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසයි.
ඒ මහතා මේ අදහස් පැවසුවේ ගාල්ල උණවටුනේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජේපාල හෙට්ටිආරච්චි මහතා,
“අපි දැක්කා මේ රටේ මේ ව්‍යසනයත් එක්ක දරුවන් පාසැලට යන්න බය උනා. පසුගිය පාසැල් වාරය පටන් ගන්නකොට පොලීසිය හමුදාව සිවිල් ආරක්ෂක බලකාය පාසැල් ආරක්ෂක කමිටු විදුහල්පති වරුන් හදලා දරුවන් පාසැලට එන්න බය වෙන්න එපයි කියනකොට සමහර විරුද්ධ පක්ෂයේ නායකයෝ මොර ගැහුවා පාසැලට ගියහම දරුවට ආරක්ෂාවක් නෑ කියලා.
පැසැල් යන්න එපා කීවා 13 වැනිදා බෝම්බ පුපුරනවා කිව්වා. දරුවන් පාසැලට යන එක නතර කරලා දැම්මා. ඊට පස්සේ අපි සියලු ආරක්ෂා සංවිධාන එක්ක දරුවන් පාසැලට එන ප්රවණත්වය වැඩි උනා. ළමුන් ක්‍රමයෙන් වැඩි වෙන එක දැකපු විරුද්ධවාදීන් මොනවද කියන්නේ 21 වැනිදා පාසැල් එන්නලු .
ලැජ්ජා නැති වැඩ. හැම එකම ඔහොම තමයි මෙයාලගේ. යම් යම් කුමන්ත්‍රණ කරලා වැරදුනාට පස්සේ අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහනවා වගේ කතාකරන්න ලෑස්ති වෙන්නේ. ඒ අයට ඉන්න තිබුනේ එදානේ.
පාසැල් පටන් ගන්නකොටනේ බය නැති කරලා වීරයෝ වගේ ඇවිල්ලා මම යුද්දේ නැති කරපු මිනිහා ළමයින් පාසැල් යවන එක මොන බයක්ද මට කියන්න තිබුනා .
මේ කුමන්ත්‍රණ නැති වෙනකොට ආණ්ඩුව වට්ටන්න ගිහිල්ලා පැසැල් ටික වහන්න ගිහිල්ලා කාර්යාල වහලා ප්‍රවාහනය නැති කරලා මුළු රටම අකර්මන්‍ය බවට පත්කරලා මේකේ වාසිය ගන්නේ ඒකාබද්ධ විපක්ෂය.
මේ රටේ මළ මිනී උඩින් බලයට පත්වෙන්න කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට කියනවා කරුණාකරලා ඔය පුහු මත නැති කරලා එකට එකතු වෙලා අපිත් එක්ක එක පවුලේ අය වගේ විපක්ෂයද ආණ්ඩු පක්ෂයද කියන්නේ නැතිව මේ රට ගොඩ නැගීමේ සටනෙදි ඔක්කොම එකට එකතු වෙලා මේ රටේ යහපාලනය සහජීවනය ඇති කරලා හැම කෙනෙකුටම තමන් කැමති ආගමක් ධර්මයක් අහන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්න කටයුතු කරන්න කියලා කියනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
-
ajith Tuesday, 21 May 2019 09:03 AM
එහෙම පුපුරනවා කියල ලියුම් එව්වේ කව්ද එතකොට
Reply : 1 0
Champa Tuesday, 21 May 2019 10:49 AM
එතකොට අර ලියුම? ඒක නම් විපක්ෂය කරපු වැඩක් නෙමෙයිනේ. බෝම්බ කතාව ඒකේ තිබ්බ එකක් මිසක් විපක්ෂේ හදපු කතාවක් නෙමෙයි. ඊට පාස්සේ හරියටම ජනාධිපති රටෙන් පිට යනව කියපු 13 වෙනිදාම කොහොමද riots පටන් ගත්තේ? යනකොට පටන් ගත්ත එනකොට නිවල දැම්ම.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

