වසර පහ අවසන් වන්නේ කථානායක අත්සන යෙදූ දින සිටද ජනපති මතය විමසීමට සැරසෙයි - NUTA
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපතිවරයාගේ නිල කාලය වසර පහකට සීමා වී තිබේ. කෙසේ වෙතත් වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල කාලය තුළදී 19 වැනි සංශෝධනය සිදුකළ හෙයින් ඔහුගේ නිල කාලය අවසන්වන්නේ ජනපතිවරණය පැවැති ජනවාරි 08 දා සිට වසර පහකින්ද එසේත් නොමැතිනම් 19 වැනි සංශෝධනයට කථානායකවරයා අත්සන් තැබූ 2015 මැයි මස 15 දින සිටද යන්න සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සූදානමින් සිටින බව තමන්ට විශ්වාසකටයුතු ආරංචි මාංර්ග වලින් දැනගන්නට ලැබී ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය (nuta) පවසයි.
ජනපතිවරයා එසේ තම නිලකාලය පිළිබඳව මතය විමසීමට අපේක්ෂා කරයි නම් එය කාලෝචිත නොවන, නුසුදුසු, අනවශ්‍ය, ව්‍යාකලතා උද්දීපනය කරන, ප්‍රඥා ගෝචර නොවන කටයුත්තක් බවද ඔවුන් සඳහන් කරයි.

popular news
-
dilal Monday, 20 May 2019 05:27 PM
අද පනතක් ගෙනල්ල ජනාධිපතිවරයාගේ නිල කාලය අවුරුදු හතරයි කියා හෙට කතානායකවරයා අත්සන් කොලොත් ජනාධිපතිවරයාට තව අවුරුදු 4ක් බලයේ ඉන්න පුලුවන්නද කතානායක අත්සන්කල දවසේ සිට අවුරුදු 4 සම්පුර්ණවන්නේ 2023 මයි 20වෙනි දිනට කියා/
Reply : 0 0
චමින්ද Tuesday, 21 May 2019 07:18 AM
ජනපතිවී පළමු වැටුප ගත්තේ කවර දිනක සිටද එදින සිට වසර 5 ක් ගැනීම සුදුසුයි. 19 වැනි සංශෝධනයට කතානායකගේ අත්සන යෙදූ දිනය ගත්විට කාලය අවුරුදු 5 ක් ඉක්මයනවා එවිට.ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු පහයි යන මතය වෙනස්වී අවුරුදු 5 කට වැඩිකාලයක් සඳහා වැටුප් ගෙවීමෙන් අධිකරණ මතය බිඳීයනවා මේ අනුව විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය නිවැරදියි .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

