විදේශිය සංචාරකයින් දුන් දන්සැල
ජර්මානු ජාතික සංචාරකයන් පිරිසක් දඹුල්ල විහාර හන්දිය ප්‍රදේශයේදී වෙසක් උත්සවය සමරමින් සිසිල් බීම දන්සලක් 19 දින සහ 20 දින පවත්වන්නට යෙදුණහ .
දඹුල්ල විහාර හන්දිය තරුණ පිරිස සහ විදේශිකයන් එක්ව මෙය සංවිධානය කර තිබිණි.
ජර්මානු ජාතිකයන් විසින් මේ සඳහා යන වියදම් දරමින් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය වැඳපුදා ගෙන නැවත ගම්බිම් බලා යන බැතිමතුන් හට සිසිල් බීම ලබා දීම මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී සිසිල් බිම වීදුරුවක් ලබාදෙන විදේශිකයන් සුබ වෙසක් උත්සවයක් යනුවෙන් සැමටම සුභ ප්‍රාර්ථනා කරමින් ලබාදීම සිදුකළහ .
ජර්මානු ජාතික කාන්තාවක් විසින් කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ විවිධ ගැටුම්කාරී තත්ත්වයක් පැවතුණ ද මේ වනවිට රට තුළ සාමකාමී වාතාවරණයක් පැවතීම නිසා ඔවුන්ට වෙසක් මංගල්‍යය සැමරීමට හැකිව තිබෙන බවය. එමෙන්ම විදේශීය රටවල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ඇය ආරාධනාවක්ද කළාය.
වාහන වලින් ගමන් කරන අයටද පයින් ගමන් කරන අයටද කහ පැහැති කොඩි පෙන්වමින් වාහන නවතා මෙම සිසිල්බිම පරිත්‍යාග කිරීම ඔවුන් විසින්ම සිදු කිරීම විශේෂත්වයකි.


popular news
-
Champa Tuesday, 21 May 2019 10:43 AM
හ්ම්ම්ම්ම්ම්ම්ම් මේවට තමයි ප්‍රචාරණය කියන්නේ. ජෝන් බාස් American ඩොලර් මිලියන් ගණන් වියදම් කරලා පහුගිය කාලේ පිටරට වල ad දැම්ම. මෙලෝ වැඩක් නැහැ මිනිහගේ සාක්කුවට ගානක් ගියා ඇරෙන්න. සංචාරකයන් යන අනිත් රටවලට වඩා අපේ රටේ තියෙන වෙනස් දේ තමයි මිනිස්සු. අපේ මිනිස්සුන්ගේ හිනාව කතාව අපේ සිරිත් විරිත් සංචාරකයෙකුට ලේසියෙන් අමතක වෙන්න නැහැ. අර එක ජපන් ජාතිකයෙක් හැම අවුරුද්දෙම ලංකාවට එනවලු දැන් සෑහෙන කාලෙක ඉඳන්. එයාට ලංකාවේ යාලුවොත් ඉන්නවලු. එයා කියනව ලංකාවේ ඉඳල නැවත එයාගේ රටට ගිහාම පාළුවක් සංකාවක් වගේ දැනෙනවලු. ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඩිජිටල් කරන්න ගිහින් වහල් ආණ්ඩුව ඇන ගත්ත. උදාහරණයක් විදිහට කලින් ක්‍රමයට අපේ එම්බසි වලින් විසා දුන්න නම්, ලංකාව දන්නවා එන්නේ කවුද යන්නේ කවුද කියල. දැන් අර ඩෙන්මාර්කයේ ලොකුම ධනවතා Holch Povlsen ඇවිත් ගියා කවුරුවත් දන්නේ නැහැ. බෝම්බ පිපුරුව නිසයි දන්නේ. අනිල් කුම්බ්ලේ ඇවිල්ල තියෙනවා. තව හුගක් celebrities ඇවිල්ල ගිහින් ඇති කවුරුවත් දන්නේ නැහැ. ඉස්සර විදිහට වුනා නම් මේ වගේ ප්‍රසිද්ධ මිනිස්සු මල් මාලයක් දාල airport එකේ පිලි ගන්න තිබ්බ. ඒවා තමයි ප්‍රචාරණය විදිහට පාවිච්ච්
Reply : 0 9
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

