තවමත් අබිරහසක් වූ බලන්ගොඩ සහන්ගේ අතුරුදන්වීම
බලන්ගොඩ සමනලවත්ත දස හැවිරිදි සහන් කුමාර ධර්මසිරි දරුවා අතුරුදහන් වී අද (20) දා දිනට මාස 10ක් ගත වී ඇතත් එයට අද වනවිට ළමයා සම්බන්ධව කිසිඳු තොරතුරක් සොයැ ගැනීමට නොහැකි වූ බව බලන්ගොඩ පොලීසිය පවසයි.
පසුගිය 2018 . 07 මස 20 වනදින මෙම දරුවා පාසල නිම වී නිවසට ඇවිත් දර කැඞීමට ගිය පියා සෙවීමට යන අතරතුරදී අතුරුදහන් වී ඇත.
දරුවා අතුරුදහන් වු මුල් දින කීපය තුළ පොලීසිය, හමුදාව එක්ව ප්රදේශය පුරා සොදිසි මෙහෙයුම් කලත් දැරවා පිළිබඳව කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.
පසුව පොලිස් නිළ සුනඛයින් යොදා පරික්ෂා කලත් පලක් නොවීය. ඉන්පසුව හමුදාව සෝදිසි මෙහෙයුම් කටයුතු වලින් ඉවත් විය.
ඉන්පසු බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ කටයුතු පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා මේ වනවිට පරීක්ෂණ කටයුතු කරයි.
මේ පිළිබඳව බුද්ධි අංශ නිලධාරින්ගේ කල විමසීමකදී ඔහු කියාසිටියේ මේ පිළිබඳව වාර්තාවල් කිහිපයක් ආරක්ෂක අංශ මූලස්ථාන වලට යවා ඇති බවයි.
අතුරුදහන් වූ සහන් කුමාර ධර්මසිරි දරුවා පිළිබඳව යම්කිසි තොරතුරක් දන්නේ නම් බලන්ගොඩ පොලීසියට හෝ ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ හදිසි පොලිස් දුරකථන අංකය 119 ට දැනුම් දෙන ලෙස බලන්ගොඩ පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
බලන්ගොඩ - රෝහණ වසන්ත

popular news
-
Champa Tuesday, 21 May 2019 11:12 AM
අනේ මටත් මතකයි. සින්දුවක් කියන video එකකුත් දැක්ක. මේ දරුවා හම්බ වුනේ නැහැ. කවුරු හරි අරන් ගියාද? කැලේදී අනතුරක් වුනා නම් මොකක් හරි ලකුණක් තියෙන්න එපාය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

