වඟුරු බිමට ගිය දුම්රිය එංජින් හමුදාවේ සහායෙන් ගොඩ ගනියි
දුම්රිය එන්ජින් දෙකක් එකවර පිළි පැනීමකට ලක්ව වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී සිදුවූ දුම්රිය අනතුරේ, ප්‍රධාන දුම්රිය එන්ජිම දින 8 ක මෙහෙයුමකින් පසුව සාර්ථකව පීලි ගත කිරීමේ කටයුතු, දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා යුධ හමුදා නිලධාරින් එක්ව අද (20දා) අළුයම සාර්ථකව නිම කළහ.
පසුගිය 13දා අළුයම කොළොන්නාවේ සිට අනුරාධපුර දක්වා ඉන්ධන රැගෙන ගමන් කළ ඉන්ධන ටැංකි 10 කින් හා එන්ජින් 2 කින් සමන්විත මෙම දුම්රිය, ශාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලී පැනිමට ලක්ව තිබුණි.
පීලි පැනීමෙන් අනතුරුව එම දුම්රිය ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් අතුරු දුම්රිය මාර්ගයකට ධාවනය වී, එම රේල් පාර අන්තයේ ඇති නැවතුම් බැම්ම ( බපර් ) කඩා ගෙන ගොස්, දුම්රියේ එන්ජින් දෙක හා එක් ඉන්ධන ටැංකියක් ප්‍රධාන දුම්රිය මාර්ගයෙන් අඩි 4ක් පමණ පහතින් ඇති වගුරු බිමකට ඇදී ගොස් මඩේ එරී තිබුණි.
අංක 872 දරන මෙම ඉන්ධන දුම්රිය සමග අලුත්වැඩියා කටයුතු අවසන් කර තිබූ දුම්රිය එන්ජිමක් ද, අනුරාධපුර දක්වා ගමන් කර තිබූ අතර එම දුම්රිය එන්ජිම සමග ප්‍රධාන එන්ජිම හා එක් ඉන්ධන ටැංකියක් මෙම අනතුරින් පීලි පැනීමට ලක්ව තිබුණි.
මෙම දුම්රිය අනතුරින් පීලි පැනීමට ලක්ව තිබූ එක් ඉන්ධන ටැංකියක් අනතුර සිදුවූ 13 වනදා ම පිලී ගත කර තිබූ අතර, නඩත්තු කර අනුරාධපුරයට රැගෙන එමින් තිබූ දුම්රිය එන්ජිම දින තුනකට පසුව පසුගිය 16 වනදා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා සේවකයන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා පිලීගත කර තිබුණි.
ප්‍රධාන එන්ජිම මඩේ එරී තිබීම හේතුවෙන්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් 100 කට ආසන්න ප්‍රමාණයක් එක්ව නව දුම්රිය මාර්ගයක් නිර්මාණය කර මඩ වගුරෙන් ගොඩ ගැනීමට කීපවරක් උත්සහ දැරුවද, පසුව එයද අසාර්ථක විය. පසුව යුධ හමුදා සන්නාහ සන්නද්ධ රථයක් උපයෝගී කරමින් එම එන්ජිම වගුරු බිමෙන් ගොඩ ගැනීමට කටයුතු කළේය.
අනුරාධපුර චතුරංග






popular news
-
shan Monday, 20 May 2019 05:46 PM
මේ දේවල් වලින් පැහැදිලි වන්නේ රටේ ඕනෙම හදිසි හෝ සාමාන්‍ය අසීරු කාර්යක් වේනම් රටේ ජනතාව හා රට වෙනුවෙන් අපේ හමුදාවේ විරුවන් ඒ සදහා දක්වන ඉහල හා උතුම් කාර්ය භාරය වෙන කිසිම රටක හමුදාවක් සිදු නොකරන බවයි. එදා සිට අද දක්වාද මතු අනාගතයේදීද අපේ රට රැක ගන්න එකම දේවතාව වන්නේද අපේ ත්‍රිවිද හමුදාවයි සතුටේදී සිටියත් දුකේදී නොසිටින දේසපලකයන්ට වඩා කිසිදු වරප්‍රසාදයක් හෝ මුල්‍යමය ලාභයක් නොලබන මේ උතුම් මිනිසුන් රටට විශාල දායාදයකි එය ස්රිලන්කීය අපගේ වාසනාවයි ඔබ සැමදෙනාට දළදා සමිදු සරණයි !ඔබ සැමට ජයෙන් ජය !
Reply : 0 0
Sri Tuesday, 21 May 2019 06:13 AM
Well done. Love our forces.
Reply : 0 0
Theha Tuesday, 21 May 2019 09:29 AM
හැම දෙයකටම එකම බෙහෙත ශ්‍රී ලංකා හමුදාව. එච්චරයි.
Reply : 0 0
Champa Tuesday, 21 May 2019 11:04 AM
Love you, guys. වැඩක් නෑ කියල. වහල් ආණ්ඩුව හින්ද ලේ රත් වෙලා තියෙන වෙලාවේ මේවා දකින කොට ආස හිතෙනවා. සෑහෙන අමාරු වැඩක්. කොච්චර කරත් මිනිස්සුන්ට දේශපාලකයන්ට වඩා හැමදාම සමීප හමුදාව. මම හිතන්නේ හමුදාව හැම අවුරුද්දෙම documentary film එකක් කරා නම් හොඳයි ඒ අවුරුද්දේ ඇතුලේ කරපු දේවල් ඒ කියන්නේ ජන සමාජය එක්ක එකමුතුව උතරේ සහ දකුණේ කරපු දේවල්, ආපදා වලට උදව් කරපු හැටි, තව ගිය අවුරුද්දේ කඩුවෙල පාලම කැඩිලා තිබ්බහම හමුදාව හැදුව, තව වැස්සට වැව් බැමි කැඩුනහම හදපු පින්තූරත් මම දැක්ක. ඒ වගේ ඔක්කොම දාන්න පුළුවන්. ඇත්තමයි කියන්නේ අපේ හමුදාව වගේ හමුදාවක් ලෝකේ කොහවත් නැහැ. හරිම ආඩම්බරයි.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

