පාසල් ළමුන් සදහා ආහාර ලබාදිමේ රජයේ පෝෂණ වැඩසටහන දකුණු පළාතේ පාසල් 978ක ඉගෙනුම ලබන සිසුන් එක්ලක්ෂ, අනුදෙදහස් හයසිය නමදෙනෙකු (192,609) වෙනුවෙන් ක්රියාත්මකව පවතින බව අධ්යාපන අමාත්යංශය විසින් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික කාර්යසාධන වාර්තාවේ සදහන් වේ.
පාසල් ළමුන්ගේ සෞඛ්ය හා පෝෂණ තත්ත්වය ඉහළ නැංවිම සදහා මෙම වැඩසටහන ක්රියාත්මක කෙරේ.
ඒ අනුව ගාල්ල දිස්ත්රික්කයේ පාසල් 381ක සිසුන් 73,203 දෙනෙකු , මාතර දිස්ත්රික්කයේ පාසල් 316ක ඉගෙනුම ලබන සිසුන් 63,170 දෙනෙකු සදහා ආහාර වැඩසටහන ක්රියාත්මක කෙරේ. හම්බන්තොට දිස්ත්රික්කයේ පාසල් 281ක ළමුන් 56,236ක් සදහා මෙම වැඩසටහන ක්රියාත්මක කරණු ලබන බවද මෙම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.