අපවත් වී වදාළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවන රාමාධිපති අතිපූජ්ය කැප්පිටියාගොඩ සිරි විමලාභිධාන නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය යටතේ පැවැත්වීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. ඒ අනුව, හෙට(21) ගැටඹේ නගර සභා ක්රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතය.
ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය යටතේ පැවැත්වීම සඳහා රාජ්ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්යවරයා සහ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය හිනිඳුම සුනිල්සෙනෙවි මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට මෙලෙස අමාත්ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.